15 හැවිරිදි දැරියට හදිකළ 74 හැවිරිදි අවිවාහක සැකකරු අත්අඩංගුවට
15 හැවිරිදි දැරියට හදිකළ 74 හැවිරිදි අවිවාහක සැකකරු අත්අඩංගුවට
පහළොස් හැවිරිදි දැරියකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධව හැත්තෑ හතර හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් දොම්පේ පොලිසිය මඟින් 12 දා පෙරවරුවේ පාලුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
දැරියගේ නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවල දැනට වසරක පමණ කාලයක සිටම මොහු එම අපරාධය සිදුකර තිබෙන බවට අනාවරණය වී ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරු පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු දොම්පේ පාලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය යටතේ දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ජී. එම්. රණතුංග, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි, සැරයන් අබේරත්න (19334), කුමාර (2810) හා පො. කො. තිලකරත්න (36589) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ