දෙහිවල, මොරටුව, දඹුල්ල පොහොට්ටුවට තංගල්ල අලියට

එක එක පාට වෙන වෙනම එකතුවේ

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත්තේය.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනි.පොදුජන පෙරමුණ හා එක්ව සන්ධාන මන්ත‍්‍රීන්ද ඡන්දය ලබා දුන්හ.උප නගරාධිපති ලෙස ඡන්ද 24ක් ලබා ගනිමින් සන්ධානයේ කීර්ති උඩවත්ත මහතා තේරී පත් විය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විල්ලෝරාවත්ත බටහිරින් පොහොට්ටුව ලකුණින් තරග කළ ඩබ්ලිව්. සමන් ලාල් ප්‍රනාන්දු මහතා තුන්වැනි වරටත් වැඩි ඡන්ද 23 ක් ලබා ගනිමින්  මොරටු පුරපති ලෙස තේරීපත් විය.මොරටුවැල්ල දකුණින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කළ සමන්ත සිල්වා මහතා උප පුරපති ලෙස වැඩි ඡන්ද 23 ක් ලබා ගනිමින් තේරිපත් විය.පුරපති සහ උප පුරපතිවරයා තොරා පත්කර ගැනීමේ ඡන්දය බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්  චන්ද්‍රානි සමරකෝන් මහත්මිය අද (26) පැවැත්විණි

මෙවර පළාත් පාලන මැතිවරණයෙදී   දඹුල්ල මහ නගර  සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය.නව පාලන කාලය ලබන 03 වැනිදා ආරැඹිමට නියමිත අතර නගරාධිපතිවරයා ලෙස තේරීපත්වු   ජාලිය හේමන්ත ඕපාත මහතා සිය ධුරයේ  වැඩභාර ගැනීමද එදිනට සිදු වේ. නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස  සමීර ජයසේකර මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

නගර සභා බලය විසුරුවා හැරීමට පෙර  නගරාධිපති වරයා ලෙස කටයුතු කළේද  නව නගරාධිපතිවරයා වු ජාලිය ඕපාත මහතාය. තිත්තවැල්ගොල්ල කොට්ඨාසයෙන් තරග කළ ජාලිය ඕපාත මහතාට පක්ෂව ඡන්ද 868ක් අතුපාරයායවසම කොට්ඨාසයෙන් තරග කළ සමීර ජයසේකර මහතාට ඡන්ද 747 ක් ලැබිණි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ දඹුල්ල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති වරයා වූ  කුසුම්සිරි  ආරියරත්න මහතාට මෙවර  ජය හිමි නොවු අතර  එක්සත් ජනතා නිදහස් සන්ධානයට දඹුල්ල මහනගර සභාවේ අතිරේක මන්ත්‍රීධුර දෙකක් හිමි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවණයේදී ජයගන්නා ලද තංගල්ල නගර සභාවේ නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්‍ෂය විසින් දිනාගෙන තිබේ.නගරාධිපති දුරය සදහා පැවති ඡුන්ද වීමසීමේදී පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය ඡුන්ද 07 බැගින් ලබා ගත් අතර ශ‍්‍රීලනිපය හා ජවිපෙ ඡුන්දය දීමෙන් වැලකී සිටියේය.

අනතුරව කුසපත් ඇදීමකින් එක්සත් ජාතික පක්‍ෂයට එහි බලය හිමිව ඇත.ඇමති දිලිප් වෙදආරච්චි මහතාගේ පුත් රවිදු වෙදආරච්චි මහතා එහි නගරාධිපති ලෙස පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *