ගම්පහටම ජලය දෙන්න හදපු ජලයෝජනා ක්‍රමයේ තිත්ත ඇත්ත

චීන අධාර යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතියේ

ගම්පහ දිස්ත්‍රික්කය මැදින් ගලායන අත්තනගලු ඔය උපයෝගී කරගනිමින් ගම්පහ, මිනුවන්ගොඩ, කටාන, ජා ඇල සහ කටුනායක සීදූව ප්‍රදේශ වල සදහා පානීය ජලය ට විසදුමක් වශයෙන් 2012 වසරේදී එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය වරායව සිටි බැසිල් රාජපක්ෂ මහතගේ ප්‍රධානත් වයෙන් මෙම ව්‍යාප්තිය සදහා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේදී මුල්ගල තබන ලදී මෙම ජල ව්‍යාප්තිය මගින් ඉහත ප්‍රදේශවල පවතින පානීය ජල හිගයට ස්ථිර විසදුමක් ලබාදීමට හැකිවන බවද ඒ සමයේදී ප්‍රකාශ කරන ලදී.  ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රද්‍ෙශවල පානීය ජලය සැපයීම සඳහා චීන අධාර යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතියේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවන හෙයින් එය වහාම නතර කර පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් අමාත්‍යංශයටට දැනුම් දී තිබේ.

එම ජල ව්‍යාපෘතියට ඇත්තමේන්තු කළ මුදලට වඩා ඩොලර් මිලියන 57.5 ක හෙවත් රුපියල් කෝටි 897 ක පමණ වැඩි මුදලක් වැය කිරීමට කටයුතු කරමින් තිබෙන බවද චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයට ලබාදෙන මුදල් වහාම නතර කරන ලෙස ද හිටපු ජනාධිපතිනිය මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 172ක් (රුපියල් කෝටි 2683පමණ) වුවත් එම කොන්ත්‍රාත්තුව අත්සන් කරද්දී එය ඇමරිකන් ඩොලර් මිලියන 229.5 ක් (රුපියල් කෝටි 3580 ක් පමණ) වී තිබෙන බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් ඇමැතිවරයාට යවා ඇති ලිපියෙහි සඳහන් වේ. එම මුදල සියයට 34.8ක වන වැඩිවීමක් බව ද එහි සඳහන් වේ.

අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජලසම්පාදන කටයුතු වෙනුවෙන් 2016 වසරේ දී ආරම්භ කෙරුණු මෙම ජල ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාත්තුව, චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයට පිරිනමනු ලැබ ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසිනි. ජල ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 35.8 ක් බවත් ඒ වෙනුවෙන් සියයට 85ක ණය මුදලක් චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන අතර දේශීය ආයෝජන ලෙසින් සියයට 15ක ණය මුදලක් ලංකා බැංකුව රජයට ලබාදීමට කටයුතු යොදා ඇත. එය රුපියල් බිලියන 5.3 ක මුදලකි.

භාණ්ඩාගාරය රුපියල් බිලියන 1.3 ක මුදලක් රක්ෂණ සහ කළමනාකාර කටයුතු වෙනුවෙන් වැය කර ඇත. යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ හිටපු ජනපතිනි කුමාරතුංග මහත්මිය ඉල්ලා ඇත්තේ චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයට ලබාදෙන මුදල් වහා නවත්වන ලෙසත් ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත්ය.

යහපාලන රජය යටතේ අකටයුතුකමක් සිදුවීමට ඉඩ දිය යුතු නැහැ. මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදුවන බව පැහැදිලියි. එහෙයින් ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු වෙනවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. සාවද්‍ය වුණත් එය පිළිගැනීමට බලධාරීන් ඉදිරිපත්
වී සිටිනවා යැයි හිටපු ජනාධිපතිනිය මුදල් ඇමැති මංගල සමරවීර මහතාට යැවූ ලිපියෙහි සඳහන්
කර ඇත.

2016 වසරේ ජනවාරි සහ දෙසැම්බර් අතර කාලයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තෙවරක්ම මෙම ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. ජල ව්‍යාපෘතිය පිළිබඳ අදහස් මුලින් මතු කර ඇත්තේ රාජපක්‍ෂ පාලන සමයේදීය. 2010 වසරේ දී චිනයෙන් ණය ලබා ගනිමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

තාක්ෂණික හා මූල්‍ය උපදෙස් පමණක් චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයෙන් ලබා ගැනීමට තීරණය විය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ප්‍රසම්පාදන කමිටුව 2012 වසරේ දී සඳහන් කර ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ඉංජිනේරුවන් විසින් ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කළ මුදල සහ ලංසු තැබීමේ දී ඉදිරිපත් කෙරුණු මුදල් අතර ලොකු වෙනසක් ඇති බවය. එම අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය තීරණය කළේ කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කළ මුදල් සහ ඉංජිනේරුවන් පෙන්වා දී ඇති මුදල අතර පවතින පරතරය අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි. එහි දී එකඟතාවක් ඇති කර ගැනුණේ.

ව්‍යාපෘතිය 2014 වසරේ ආරම්භ කර 2017 වසරේ අවසන් කිරීමටය. ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කළ මුදල උද්ධමනය අනුව වෙනස් කළ යුතු බව පෙන්වා දීමත් සමග එය ඇමෙරිකන් ඩොලර් 193.7 තෙක් වැඩි කරනු ලැබීය. ඇමෙරිකන් ඩොලර් 229.5ක මුළු මුදලකට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඒ අනුව කැබිනට් අනුමැතිය හිමි විය. මෙය ශ්‍රී ලංකා ඉංජිනේරුවන් ඇස්තමේන්තු කළ මුදලට වඩා සියයට 18.5 ක වැඩි වීමකි. කොන්ත්‍රාත්තුවකට අස්සන් තැබීම 2013 වසරේ සිදුවිය. චීන යාන්ත්‍රික ඉංජිනේරු සමාගම ඔවුන්ගේ මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2014 පෙබරවාරි මාසයේය. 2016 පෙබරවාරියේ දී ව්‍යාපෘතියේ සියයට 85ක් සම්පුර්ණ කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව සමග ණය එකඟතාවක් ඇති කර ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණු අතර ඉතිරි මුදල ලංකා බැංකුවෙන් ලබා ගැනීමට තීරණය කෙරිණ.

එම වසරේ අගෝස්තුවේ දී කැබිනට් මණ්ඩලය මහා භාණ්ඩාගාරයට දන්වා ඇත්තේ චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකන් ඩොලර් 146.3ක් එනම් මුළු ණය මුදලෙන් සියයට 75ක් ලබා ගැනීම සඳහා ලිපියක් හා ණය සහතිකයක් යැවීමට කටයුතු කරන ලෙසය.

කෙසේ නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මුල්‍යමය රෙගුලාසි උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවය. කෙසේ නමුත් මේ වනතුරු මෙම කොන්ත්‍රාත්තුව අත්හිටුවීමට හෝ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට හෝ පියවර ගෙන නැත. විදේශ සම්පත්    දෙපාර්තමේන්තුවට අනුව එවැනි ක්‍රියා මාර්ගයකට යන්නේ නම්, ආර්ථික අර්බුද රැසකට මුහුණදීමට සිදුවෙයි. ණය ගිවිසුමට අනුව රජයට දඬ මුදලක් ගෙවීමට සිදුවෙයි. ඊට අමතරව ණය ගත් පාර්ශ්වයට ණය ප්‍රතික්ෂේප කිරීමට සිදුවෙයි. ඒ ණය ලබාදුන් පාර්ශ්වය ලිඛිතව ඒ බව දැනුම් දීමෙන් පසුවය. ණය මුදල අවලංගු කළොත් ඒ වෙනුවෙන් අධිභාරයක් ගෙවීමට ද සිදුවනු ඇතැයි පැවසෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *