මීගමුවේ බලය පොහොට්ටුව අත ගනී

නගරාධිපති දයාන් ලන්සා

මීගමුව නගරාධිපති දයාන් ලන්සා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන ලද මීගමුව මහ නගර සභාවේ නගරාධිපති දූරය පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) තරග වැදුණු කණ්ඩායම විසින් අත්පත් කරගෙන ඇත. අද පවතී ඡන්ද විමසීමේදී දයාන් ලාන්සට ඡන්ද 25 ද රොයිස් විජිත ප්‍රනාන්දු හට ඡන්ද 19 ද වශයෙන් ලැබී ඇත.ඒ අනුව හිටපු නි අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ සොයුරු දයාන් ලාන්සා නගරාධිපතිවරයා තේරී පත්වන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල මුස්ලිම් ජාතික මන්ත්‍රී ෆාරිස් නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙස පත්වන ලදී. මේ අනුව පළාත් පාලන මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයකින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ මීගමුව මහනගර සභාවේ බලය ශී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) එක්ව පාලන බලය පිහිටුවා ඇත. එම මැතිවරණයේදී එජාපයට මන්ත්‍රී දූර 19 ක් පොහොට්ටුවට 16 ක් ශ්‍රී ලනිප 6 ජවිපෙ 3 ක් වෙනත් පක්ෂ හා ස්වාධීන 3 වශයෙන් මන්ත්‍රී දුරයන් ලබාගෙන තිබුණි. අදාල ඡන්ද විමසීමේදී ජවිපෙ ඡන්දය දීමෙන් වැලකී සිටින ලදී.මෙහි විශේෂත්වය වන්නේ රොයිස් විජිත ප්‍රනාන්දු පළාත් සභා මන්ත්‍රී වරයා පළාත් සභා මන්ත්‍රී දුරයෙන් ඉවත්වී මීගමුව මහා නගර සභාවට තරග වදින ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *