සුපිරි මෝටර් රියෙහි හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

අනතුරට ලක්වීමෙන් පසු  පලාගොස් සිටින ලදී

සුපිරි BMW ‍මෝටර් රථයක් ධාවණය කරමින් සිටියදී හඳිසි අනතුරකට ලක් වූ පසු එම රථ ය දා පළා ගිය සැකකරුවා පොලීසිය විසින්
අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු පැදවූ සුපිරි රථය තලවතුගොඩදී වාහන දෙකකට අලාභ හානි සිදුකරමින් අනතුරට ලක්වීමෙන් පසු කිඹුලා
ඇලට පෙරලී ඇත. පසුව ඔහු එම මෝටර් රථය දමා පලා ගොස් සිටි අතර පසුව ඔහු පොලීසිට භාරවී ඇත.සැකකරු පොලීසියට භාරවීමෙන්
පසු පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අද දින කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අද දින නඩුව කැදවු අවස්ථාවේ අදාල මෝටර් රථයේ හිමිකරු 3/27 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල
මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදී. ලියාපදිංචි නොමැති වාහනයක් ධාවනය කිරීම, වාහන දෙකකට අලාභ කිරීම, අනතුරක් සිදුකර පලා
යාම ඇතුළ චෝදනා ඔහුට විරුද්දව ගොනු කර ඇත.එම වාහන ධාවනය කළ පුද්ගලයා එහි හිමිකරුවා වන අතර ඔහු තම ඥාතියෙකු බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබිර් හෂීම් මහතා පිළිගෙන තිබේ.එහෙත් ඔහු කිසිලෙසකින් තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු නොවන බවද ප්‍රකාශ කරන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *