විෂ වායුවක් නිසා ඇගළුම් සේවිකාවන් රෝහල් ගතකෙරේ

සේවක පිරිසක් ගම්පහ ඇතුලු අවට රෝහල් කිහිපයකට

ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වු සේවක සේවිකාවන් 34 දෙනෙකු අද (20) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සේවක සේවිකාවන් සේවයට වාර්තා කර මද වේලාවකින් සිහිසුන් තත්ත්වයකට පත්වීම මත එම කම්හල් පාලානාධිකාරිය ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.‍අද උදෑසන කාලයේදී අදාල සේවකයින් රෝහල් ගතකර ඇත. මේවන විටත් කම්හල තාවකාලිකව වසා අදාල පරීක්ෂන කටයුතු සිදුකරනු ලබයි

ගම්පහ රෝහලට ඇතුළත් කළ පිරිස අතර පිරිමි සේවකයින් දෙදෙනෙකුද සිටින බවත් මෙම රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ඊයේ (19) දිනයේ දීද කම්හල තුළ මෙලෙස විස වායුවක් කාන්දු වීම හේතුවෙන් සේවක පිරිසක් ගම්පහ ඇතුලු අවට රෝහල් කිහිපයකට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි

 

[siteorigin_widget class=”WP_Widget_Custom_HTML”][/siteorigin_widget]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *