ළමා අපයෝජකයාගේ වසර ගණනකට පසුව අල්ලයි.

ගාල්ල නීතිය බල ගැන්වීමේ ඒකකය විසින්

සුනෙත් ගාල්ලගේ ගාල්ල  2018.03.19

මීට වසර හතරකට පමණ පෙර නීත්‍යනුකූල භාරකරුවන්ගෙන් රැගෙන ගොස් වසරක පමණ කාලයක් ලඟ තබා ගෙන දුෂණය කිරීමේ
චෝදනාවට ලක්ව මෙතෙක් කලක් සැඟව සිටි පුද්ගලයෙකු පසුගිය 18 දින ගාල්ල නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් ගෝනපිනුවල ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා එවකට වයස අවුරුදු 13 ක් වු දැරියක් මෙලෙස නීත්‍යනුකූලභාරකාරත්වයෙන් රැගෙන ගොස්වසරක පමණ කාලයක් සිය
භාරයේ තබා ගෙන ඇත. එම අවස්ථාව වන විට අදාල දැරියගේ මව වෙනත් රටක රැකියාවක නිරතව සිට ඇත. අදාල සැකකරු මෙම
සිද්ධිය සිදුවන අවස්ථාව වන විට 22 වියේ පසු වී ඇති අතර එදා සිටම ඔහු ප්‍රදේශයෙන් පැනගොස් ජීවත් වී ඇත. වසරකට පමණ කාලයකින් පමණ පසු අදාළ දැරිය නිවසට පැමිණ ඇත. අදාල සැකකරු යුද
හමුදාවේ සේවය කර නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වු අයෙකි. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය මත ක්‍රියාත්මක නීතිය බල
ගැන්වීමේ ඒකකයට අදාල පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව 18 දින සවස මෙම පුද්ගලයා ගෝනපිනුවල බෝරතුඩුව ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම සදහා ගාල්ල නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. කේ.එච්.එච්.පාලිත, 28032 මෙන්ඩිස්,7964
චන්ද්‍රෙස්න,පො.කො.58808 ප්‍රේමසිරි,60658 මදුසංක,38882 බන්ඩාර,/ 8979 බන්ඩාර යන නිළධාරීන් සහභාගී වු අතර සැකකරු .අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව
ඇත.

මැතිවරණය නිසා ප්‍රමාද වුණා.

[siteorigin_widget class=”WP_Widget_Custom_HTML”][/siteorigin_widget]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *