ආමර් වීදියේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

බිරිඳ ද  බරපතල  තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ආමර්

අද දහවල් 11 ට පමණ මෝටර් රථයකින් ගමන්ගත් පුද්ගලයෙකුට ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයට එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු  බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  මිය ගිය බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඔහුගේ බිරිඳ ද  බරපතල  තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දෙමටගොඩ පදිංචි රාජ් (42) නැමැත්තා බව දැනට හඳුනාගෙන ඇත.යතුරුපැදිකරුවන් දෙදෙනා මෝටර් රථයේ පසු පස හඹා ගොස් මිලිමිටර 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.

ආමර් වීදියේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට. අද දහවල් 11 ට පමණ මෝටර් රථයකින් ගමන්ගත් පුද්ගලයෙකුට ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයට එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු  බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  මිය ගිය බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *