විමල්ට සහ ජයන්තට වරෙන්තු

මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඒ අද (19) දිනයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් මෙරට සංචාරයක නිරත වෙද්දී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට  මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය මොවුන් දෙදෙනා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *