සමාජ ජාල ඉදිරි දින දෙක තුළ යථාතත්වයට

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති

ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්දින කිහිපයක සිට මෙරට සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් ඉදිරි පැය 24ක කාලයේ දී ඉවත් කරන බව විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ෆේස්බුක්, Viber, WhatsApp සහ Imo ඇතුළු සමාජ මාධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර තිබෙන තාවකාලික සීමාවන් ඉවත් කරන බවද මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRC) සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා පෙන්වා දෙයි.පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ ආගම්වාදී හා ජාතිවාදී ස්වරූපයෙන් වෛරය සහ ද්වේශය වපුරමින් විවිධ තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම සමාජ ජාලා මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. විවිධ පාර්ශවයන්ගෙන් මේ වනවිටත් සමාජ ජාල නැවත සක්‍රිය කරන ලෙස ඉල්ලීම් කර ඇති බැවින් කඩිනමින් ප්‍රතිචාර ලබාදීමට හැකි බවද කියා සිටින ලදී .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *