බූස්ස නාවික කදවුරේ නිරෝධායනය අවසන් කල 14 පිටව යති

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (09) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‍ෂණ රාජකාරීන්හි නියුක්තව සිටි පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කර කොව්ඩ් -19 වෛරසය ඔවුන්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු කර ගන්නා ලද අතර ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික පත්‍රයද ලබා දී තිබේ.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන කටයුතු අවසන් කරන ලද මෙම පුද්ගලයින් 14 දෙනාත් සමග මේ වන විට පුද්ගලයින් 129 දෙනෙකු මෙම මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් තිබෙන බව නිරෝධායන මධ්‍යස්ථානය භාර නාවුක හමුදාවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය. මෙම බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුල තව දුරටත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 55 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටීන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

නිරෝධායනය වූ පුද්ගලයින් 14 දෙනා පිටත්ව යෑමට අදාල විවිධ අවස්ථාවන්හි ඡායාරූප ඉහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *