චන්ඩි මන්ත්‍රී සහ බිරිද අද අධිකරණයට

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චන්ඩි මල්ලීගේ පුතාය

දකුණු පළාත් සභා මන්ත්‍රී  එම් කේ කසුන් සහ ඔහුගේ බිරිද විසින් තලගම කොස්වත්ත ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහර දීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා හෙට දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය වන අවස්ථාවේ බස් රථ රියදුරු සැකකාර මන්ත්‍රීවරයාගේ රථයට ඉස්සර වීමට ඉඩ නොදීම නිසා මෙම ගැටුම හටගෙන ඇත.කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වු  බස් රථයක් ධාවනය වීමට අවහිර වන සේ මාර්ගය අසල නවතා තිබු ජිප් රථයකට නලාව ශබ්ද කොට ඉඩ ඉල්ලා ඇත. එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් බස් රථ රියදුරු ජීප් රථය අසලට ගොස් ඇති වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුකර ඇත

එම්  කේ කසුන් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චන්ඩි මල්ලීගේ පුතාය. ඔහුද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන ලදී. ඔහු පාතාල කණ්ඩායම් සමග හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ක්‍රියාකර රැසක් කම් සිදුකල බවට එදා මාධ්‍ය වාර්තා කරන ලදී. එම් කේ කසුන් සහ ඔහුගේ බිරිද බස්රථ රියදුරුට පහර දෙන අවස්ථවේ මන්ත්‍රී වරයාගේ බිරිද අත පිස්තෝලයක් තිබී ඇත. බස් රථ රියදුරුට බිම පෙරලා පහර දීමේදී කිසිවෙකු ඔහුව බේරාගැනීමට ඉදිරිපත් නොවන ලද්දේ මන්ත්‍රී බිරිද අත් තිබූ පිස්තෝලය නිසා බවට වාර්තා වේ.  සිද්ධියෙන් තුවාල ලැබූ බස්රථ රියදුරු දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *