ගාල්ල තෙල්වත්තෙන් හෙරොයින් මත් කුඩු ක්‍රිලෝ 11 අල්ලයි!!
ගාල්ල දිස්ත්‍රික්යේ තෙල්වත්ත පොලිසිය හා රත්ගම පොලිසිය එක්ව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) දින සවස සිදුකළ විශේෂ මෙහෙයුමක දී තෙල්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ (11 ක්) එකොළහක් සමඟ අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයට අමුතරව, ටී 56 ගිනි අවි 02ක්,එකී ගිනි අවිවලට දමන උණ්ඩ 81ක්,නයින් එම්.එම් වර්ගයේ ගිනි අවි දෙකක් (02),එහි බහලිය හැකි උණ්ඩ (32ක්) තිස් දෙකක් ද සහිතව තෙල්වත්ත ප්‍රදේශයේ සැකකුරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ගාල්ල තෙල්වත්ත, හා රත්ගම පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
සැකකරු තෙල්වත්ත ප්‍රදේශයේ අයෙකි.සැකකරුගේ බිරිදගේ නිවස පිහිටියේ තෙල්වත්තේය. සැකකරුගේ නිවස පිහිටියේ රත්ගම ප්‍රදේශයේ ය.මේ අනුව,සැකකරුගේ රත්ගම නිවසෙන් හා සැකකරුගේ බිරිදගේ තෙල්වත්ත පිහිටි නිවසෙන් මෙම කුඩු කිලෝ 11 අත්අඩංගුවට ගෙන ඇත.
පාතාලයට සම්බන්ධ පොඩි ලැසිගේ අම්මා අත්අඩංගුවට ගැනිමෙන් පසුව හෙළි කර ගත් තොරුතුරු මත මෙම මෙහෙයුම දියත් කළ බවත් පාතාලයට සම්බන්ධ කුඩු ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් ද යන්න පොලිස් පරික්ෂණ සිදු කරමින් පවති.
ආරක්ෂක නිලධාරිහු රත්ගම පොලිසියේ ස්ථානාධිපති වරයාටත් බැන එලෙව්වා. පිංතුර ගන්න දුන්නේ නෑ…