පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 10 ක්

පාර්ශ්ව 10ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දිනයේ

පසු ගියදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලමින් පාර්ශ්ව 10ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දිනයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ගොන් කරනු ලැබීය.ව්‍යවස්ථා විරෝදීව මෙම විසුරුවා හැරීම කර ඇති බවත් පවසන ඔවුන් අදාල ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසත් නඩු තීන්දුවක් ලබාදෙන තෙක් මහ මැතිවරණය අත්හිටුවන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, විකල්පල ප්‍රතිපත්ති කේන්ද්‍රය, මනෝ ගනේෂන්, නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පිරිස් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *