තෙඹුවන පොලිස් සැරයන්ට ජනපතිගෙන් ලක්ෂ දහයක්

ආර්ථික දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා

පසුගියදා තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී වැලි ලොරියක් පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරි බව කියමින් පොලිස් සැරයන්වරයා ගිනි අවියක් රැගෙන තෙබුවන නගරයේදී විරෝධතාවය පළ කළේය.  ඉන් පසු පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කරනු ලැබීය.

ඒ මහතා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ගරු ජනාධිපතිතුමා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *