07 වැනිදා අධිකරණයේ තීන්දුව කුමක් වුවත් .ඉන් පසුව ද අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි

07 වැනිදා අධිකරණයේ තීන්දුව කුමක් වුවත් .ඉන් පසුව ද අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉන් පසුව ද අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ අධිකරණ තීන්දුව මැතිවරණයක් පැවැත්වීම නීත්‍යානුකූල යයි වවුහොත් ඉතා පහසුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගනිමින් අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී යැයි තීන්දුව ලැබුනහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් එක්වීමට සූදානමින් සිටින නිසා අගමැති ධූරය වෙනස් නොවන බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *