ෆේස්‌ බුක්‌ ගැටලුවට දින දෙකකින් විසඳුම් – ඇමැති හරීන් කියයි

ෆේස්‌ බුක්‌ ගැටලුවට දින දෙකකින් විසඳුම් – ඇමැති හරීන් කියයි

ෆේස්‌බුක්‌, වට්‌ස්‌ ඇප්, වයිබර් සමාජ මාධ්‍ය ජාල අවහිරය ඉදිරි දින දෙක ඇතුළත විසඳෙනු ඇතැයි ඩිජිටල්, යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ) පැවැසීය.

තවදුරටත් අදහස්‌ දක්‌වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

ඇතැමුන් සමාජ මාධ්‍ය ජාල අනිසි විදිහට භාවිත කළ නිසයි මේ අවහිරය සිදුකර තියෙන්නේ. නමුත් මේ ගැන මට හරියටම ප්‍රකාශයක්‌ කරන්න බැහැ. විදුලි සංදේශ නියාමන කොමිසම තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. කොහොම නමුත් අද (12 වැනිදා) මේ ගැන සාකච්ඡාවක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව අපට දැනුම් දුන්නා.

මේ අවහිරතාව නිසා බොහෝ දෙනා අපහසුතාවට පත්වෙලා කියලා දන්නවා. නමුත් රටේ අභිමානයට හානිවන දේවල් පළකරන එක වළක්‌වන්නයි මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *