ෆේස්‌බුක්‌ අවහිර කිරීමට එරෙහිව ජනතාව පාරට බස්‌සනවා – නාමල් රාජපක්‍ෂ

ෆේස්‌බුක්‌ අවහිර කිරීමට එරෙහිව ජනතාව පාරට බස්‌සනවා – නාමල් රාජපක්‍ෂ

යහපාලන ආණ්‌ඩුවට එල්ල වෙන ජනතා විරෝධය වහන්නයි මේ ෆේස්‌බුක්‌්‌ අවහිර කරලා තියෙන්නේ. එහෙම අවහිර කළාට රටේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ෆේස්‌බුක්‌ ගිණුම් සක්‍රීයයි. ඒ අයට ඕන දෙයක්‌ පළ කරන්න පුළුවන්. රටේ ජනතාවට අදහස්‌ පළකරන්න බැහැ. කොහොම වුණත් මේ ආණ්‌ඩුව ෆේස්‌බුක්‌ අවහිර කිරීමට එරෙහිව ඉදිරි දින කීපය තුළදී ජනතාව සමඟ පාරට බහිනවා යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා “දිවයින”ට ඊයේ (13 වැනිදා) පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.

මහනුවර සිද්ධියට අදාළව රටම අවුලවපු අය ඉන්නවානම් ඒ අයට නීතියෙන් දඬුවම් කරන්න ඕනෑ. ඒකට ෆේස්‌බුක්‌ පරිහරණය කරන සමස්‌තයම පළි නෑනේ. මේ යහපාලන ආණ්‌ඩුව කළේ ඒ අයගේ බැඳුම්කර වංචාව, තවත් මගඩිවලට එරෙහිව ෆේස්‌බුක්‌ හරහා නැගෙන ජනතා විරෝධය අවහිර කරන්නයි. හොරු අල්ලනවා කියලා ආපු ආණ්‌ඩුව දැන් කරපු හොරකම් ටික වහගන්න ෆේස්‌බුක්‌ අවහිර කළා. දැන් මේ ආණ්‌ඩුව මට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුත් ෆේස්‌බුක්‌ එකේ පළවුණු දේවල් ඔස්‌සේ තමයි පවරලා තියෙන්නේ. ඔය තාජුඩීන්ගේ සිද්ධියත් ෆේස්‌බුක්‌ එකේ පළවුණ දෙයක්‌ මුල්කරගෙනයි අහන්නේ.

දැන් මේ ෆේස්‌බුක්‌්‌ අවහිරය නිසා ව්‍යාපාරිකයන්ගේ බිස්‌නස්‌ කඩා වැටිලා. මේ යහපාලන ආණ්‌ඩුව ගෙන යන ඒකාධිපති වියරුවට හා ෆේස්‌බුක්‌්‌ අවහිර කරමින් කරගෙන යන අසාධාරණයට එරෙහිව ජනතාව පාරට බස්‌සනවා.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *