ෆේස්බුක් සාදය මහ උළුගෙදරින් හමාර වෙයි

ෆේස්බුක් සාදය මහ උළුගෙදරින් හමාර වෙයි


තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ අවහන්හලක් තුළ ෆේස්බුක් සමාජ
ජාලය භාවිත කරමින් සංවිධානය කර තිබු සාදයක් වටලා තරුණයින්
10 දෙනෙකු සහ තරුණියන් 6 දෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය ද කිරින්ද
පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරින්ද පොලීසියට ලැබුණු
තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි
වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් තරුණයින් රත්නපුර ප්‍රදේශයේ හා


තරුණියන් කොළඹ ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි පොලීසිය
පවසන්නේ. සැකකරුවන් හා සැකකාරියන් අධිකරණයට ඉදිරිපත්
කිරීමෙන් පසුව ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත
කිරීමට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *