ෆේස්බුක් නැතුව රටපුරා ඇති වූ අමුතුම උම්මාදය

රට කැලබූ මුහුණු පොත වැසී නිසා සිදු වූ මුහුණ කාප ගැමේ තවතම ගවේශනය මෙන්න. ෆේස්බුක් නැතුව මේවන විට රටපුරා උම්මාදයක් ඇත්වි ඇති සෙයක් පෙනිය හැකිය.

ෆේස්බුක් නැතුව රටපුරා පිරිස් කියන කතාන්දර කිහිපයක් මෙසේය.

……ෆේස්බුක් නැතුව කෑවේ නෑ වගේ, ෆේස්බුක් මේකට මොකද්ද දෝ වෙලා තියෙන්නේ, ආණ්ඩුව මේක කපලා දමලා,වහලා බං… අපි නම් දා ගත්තා අලුත් ඇප් එකක් එකෙන් අපි ෆේස්බුක් යනවා. හැම එකකම රිංගන්න තැනැක් තියනවා ඒ නිසා අපි ගොඩයි. මටත් එක දාල දිපන්, ඇප් එක මටත් කියපන් ෆේස්බුක් එකටත් යහපාලන ආණ්ඩුව වැඩේ දුන්නා එහෙනම්,…….ආදි වශයෙන් මේවන විට කතා බහකි.

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම “People From Work” ,”Close Friends” ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක’න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.

මුහුණු පොත නැතිවු ලංකාවේ මුහුණු පොත භාවිතා කරන පිරිස් අන්ද මන්ද වී ඇති අතර ඒ නිසා සමාජයේ යම් ව්‍යාකූල තත්ත්වයක්ද  ඇති වී ඇති අතර, ෆේස්බුක්, වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාල නොමැති නිසා මෙයට ඇබ්බැහිවු පිරිස අතර යම් මානසික රෝග පවා හට ගන්නා තත්වයට පත්ව ඇතැයි, මනෝ වෛද්‍ය පී.එන් විද්‍යාකුලපති මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් , ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර වීම නිසා ඒවාට තදින් ඇබ්බැහි වී සිටි පුද්ගලයන් තුළ;විශේෂයෙන් තරුණ තරුණියන් තුළ නොසන්සුන් හා කලබලකාරී ලක්ෂණ (anxiety symptoms) පහසුවෙන් ඇතිවිය හැකි යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් ප්‍රකාශ කරයි.

ඔවුන් තුළ පෙරපැවති සතුටු සහගත ස්වරූපය ගිලිහීයාමත් ඒ තුළින් පෞරුෂ, පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතාවයන්හි යම් යම් බිඳවැටීම් දැකිය හැකි බවත් පෙන්වා‍දෙන වෛද්‍ය රුමී රූබන් ප්‍රකාශ කරනුයේ මේ සම්බන්ධයෙන් දෙමාපිය වැඩිහටියන්ගේ විශේෂ අවධානය එම දරුවන් කෙරෙහි යොමු විය යුතු බවත්ය.

ෆේස්බුක් ඇබ්බැහියාව (Facebook addiction) මිනිසුන් තුළ ඇතිවිය හැකි විවිධ ඇබ්බැහියාවන් අතරට අලුතින්ම එක්ව ඇති ඇබ්බැහියාවක්  බව පවසන විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එවැනි ඇබ්බැහිවීම් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කෙසේවත් යහපත් තත්ත්වයක් නොවන බවය. ඒ නිසා දරුවන් එම ඇබ්බැහියාවෙන් මුදවාගැනීම පිණිස සතුට විනෝදය ගෙන දෙන වෙනත් විනෝදාංශ කෙරෙහි දරුවන් යොමුකිරීමේ වගකීම දෙමාපියන් වෙත පැවරී ඇති බව පෙන්වාදෙන ඔහු වැඩිදුරටත් අනාවරණය කරනුයේ මෙම ලක්ෂණ  දිගින්දිගටම පැවතීම තුළින් ඔවුන් තුළ පවත්නා සාංකාත්මක අර්බුද (anxiety disorders) නම් මානසික රෝගී තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බවය.

පසුගිය දින කිහිපය මෙරට සාමය, සංහිඳියාව, ආර්ථිකය මෙන්ම සහජීවනයට ද කැලැල් මතු කළ වකවානුවකි. දෙමළ සිංහල ගැටුම40 වසරක පමණ ශාප කාලයකින් පසුව යටපත්කර ගැනීමට සමත්වුවද, අන්තවාදීන්, අවස්ථාවාදීන් මෙන්ම ජන, කුල හා ආගම් මුල්කරගත් විවිධ මාදිලියේ ආකල්පවාදීන් වරින්වර සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවන්  නිසා තිරසර සාමයක් ළඟාකර ගැනීමට බාධා ඇති විය.එහි දිගුවක් ලෙස තෙල්දෙණියෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයම වෙලාගත් සිංහල – මුස්ලිම් අන්තවාදී ගැටුම හැඳින්විය හැකි බැව් නිවේදනයක් නිකුත් කරමින් ජනතා සංවාදයේ මධ්‍යස්ථානය,කැඳවුම්කරු,වෘත්තීය වෙබ් මාධ්‍යවේදී සංගමය වෙනුවෙන්, ෆ්රෙඩී ගමගේ මහතා පෙන්වා දෙති.

සියවස් ගණනාවක් මේ දිවයින සිය නිවහන කරගත් ශ්‍රී ලාංකේය මුසල්මානුවන්, සැලකිය යුතු කොටසක් නැගෙනහිර පළාතේ ජීවත් වුවත් ඔවුන් බහුතර ප්‍රජාව සමඟ මිශ්‍ර ව ජීවත්වන කණ්ඩායමකි. මෙසේ මිශ්‍රවූ ජීවන රටාව අවුල් කිරීමට කලකෝලාහල කරන අන්තවාදීන්ට සමාජ මාධ්‍ය ජාල උඩගෙඩි දෙන බවට ආරක්ෂක අංශවල චෝදනාවක් සමඟ පැය 72ක කාලයකට යටත්ව ෆේස්බුක්,වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාලද මේ වන විට අවහිර කර දමා තිබේ. එම අවහිර කිරීමට අප සපුරාම විරුද්ධවුවද, ඉන් ජාතීන් අතර ගිනි නිවේනම් අපට පැය 72ක කාලයක් ඉවසා සිටීමටද හැකිය.

නවීන ලෝකය තුළ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ එක් කාරණාවක් සඳහා පමණක් ම නොවේ. එය සන්නිවේදන මෙවලමක් ලෙස මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට ආර්ථික ප්‍රතිලාභ අත්කර දෙන්නාවූ මගක් ලෙසද භාවිතා වේ. සන්නිවේදන මෙවලම් ජාතිවාදය ආගම් වාදය වැනි නපුරුමත වපුරන්නට භාවිතා කිරීම වැලැක්වීම පසෙක තබා සමස්ථ මෙවලම අක්‍රිය කිරීම අඥානකමකි. අවසානයේ සිදව ඇත්තේ ජාතිවාදී අදහස් පැතිරී යාම පාලනය කිරීමට සමාජ ජාල මෙවලම් මත බාධක පමුණුවීම මගින් ජාතිවාදී නොවන පිරිස් වලට ද එම මෙවලම් අහිමිවී තිබේ. ඊට එරෙහි සටනට වැට බැඳීමය.

සමාජ ජාල වලට අමතරව ජාතිවාදී නැඹුරුවක් දක්නට ඇති මාධ්‍ය භාවිතයක්  ඇතැම් සිංහල භාෂා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වලද දැකිය හැකි අතර, මෙමගින් තේරී යන්නේ එම මාධ්‍ය ද ඉදිරියේදී වසා දැමෙනු ඇති බවද?, මේ පිළියම අරක්කු බොන අයෙක් නිවසේ සිට අරක්කු බොන නිසා බීමට ගන්නා වීදුරු කඩා දැමීම හා සමාන සිද්ධියකි. එබැවින් මේ ආණ්ඩුවට සමාජ මාධ්‍ය ජාල තුළ ජාතිවාය, ආගම්වාදය පතුරවනු ලබන ගිණුම් වසා දැමීම, තහනම් කිරීම හෝ ඔවුන් කොටුකරගෙන අල්ලා ගැනීමට නොහැකි නම් ජාතිවාදය හෝ ආගම්වාදය අතුගා දැමීමට උත්තර සෙවිය නොහැකි බව සිහි තබාගත යුතුය.

පසුගිය (08) ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් ඇතැම් පිරිස් විවිධ උපක්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙන බව කියා තිබිණි.

එසේම එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අපට ඇසීමට පැනයක් තිබේ. ඒ, ඔවුන් හඳුනා ගැනීමට හැකි නම් සමස්ථ මෙවලම අඩපන නොකොට ඔවුන්ගේ ගිණුම් පමණක් වසා දැමීමට අවස්ථාව නොතිබුණේද යන්නයි. එමෙන්ම අදාල සමාජ මාධ්‍ය අවහිර කර ඇත්නම් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම් ඊයේ දහවල් කාලයේ සිට මේ වන තෙක් ම යාවත්කාලින වන්නේ කෙසේ ද යන්නයි.

එසේම රට තුල උද්ගත වන හදිසි කෝලහාල තත්ත්වයක් සමාජ මාධ්‍ය වාරණය කර පාලනය කිරීමට වන තරමට ම රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල වී ඇත්දැයි අපට ගැටලුවක් තිබේ. කෙසේවුවද අප මෙය දකින්නේ තොරතුරු දැන ගැනීමේ හා භාෂයේ නිදහසට එල්ල කරන ලද පහරක් සහ සියුම් මර්දනයක් ලෙසයි.

තත්ත්වය එසේවුවද, ජාතිවාදයට මෙන්ම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධ පුවත් වලටද අප සංගමයේ වෙබ් අඩවි දැඩිව විරෝධය දක්වනවා මෙන්ම ගෙවුණු කාලයේදී අප එය ක්‍රියාවෙන්ද ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය වර්ධනය කරමින් කටයුතු කර පෙන්වා තිබේ. එසේම අප අදාල සමාජ ජාල භාවිතා කරන සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනේ ජාතිවාදය වැපීරීමට සිදුකරන රැවටිලිකාර වදන්, පනිවුඩ හා ඒවා පෝෂණය කරනු ලබන ඡායාරූප වැනි දේ බෙදා හැරීම අනුමත කිරීම මෙන්ම කැමැත්ත පල කිරීමෙන් හා පක්ෂපාතී අදහස් ප්‍රකාශ කිරීමෙන් ඔබද ජාතිවාදයට අනුබලදෙන්නකු වන බවයි. එබැවින් ඊට අනුබවදීම රට අනතුරේ හෙලීමක් බවද සිහි තබාගත යුතුවේ.

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම අප විසින් තරයේම හෙළා දකින් අතර ඒ අනුව ඉකුත් කාලයේදී ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කිරීම සම්බන්ධයෙන්ද අපි විරෝධය දක්වා සිටිමු. මෙරට දේශපාලනයට යහපත් වෙනස්කම් සිදු කිරීමට අප හවුල්වූ බවට ඉතිහාසය සාක්ෂි දරණ අතර මේ අවස්ථාවේ ද වියරු වැටීසිටින ජාතිවාදය හා සටන් කිරීමට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට අපි හවුලවන බවද මෙයින් සහතික වෙමු යැයි ද එම නිවේදනයේ සදහන් වේ.

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම නොව ඒවා නියාමනය කිරිම සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගත යුතු බව තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා,කොළඹ  පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් පසු ඇතැම් පිරිස් විවිධ ඇප් භාවිත කර ඒවාට පිවිසීමට කටයුතු කර ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. සමාජ මාධ්‍ය ජාල හරහා තොරතුරු හුවමාරු කිරීමේදි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි එහිදී  අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ අධ්‍යාපන පුහුණු මණ්ඩලයේ සභාපති උපුල් දසනායක සදහන් කර සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව දැකිය හැකිය.

ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම “අතිවිශේෂ එහෙත් තාවකාලික” පියවර ගෙන ඇති බවය.දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම තීරණයකට එළඹී නැත.

රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙම තහනම දින තුනක කාලයක් සඳහා සළකා බැලූ බවයි. නමුත් එම තහනුම තවදුරටත් ක්‍රියාත්මක වේ.

මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති.

මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව :ශ්‍රී ලංකා ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ විශ්ලේෂකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්විය.BBC සිංහල  සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයවේ.

සාමාන්‍ය ජනතාවට සමාජ ජාල භාවිතය අවහිර කරනු ලැබුවත්, රටේ ප්‍රධාන නායකයන් තවදුරටත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල දිගටම භාවිත කරන බව පර්යේෂිකාවක සහ ක්‍රියාකාරිනියක වන ඉරෝමි පෙරේරා මේ අතර පෙන්වා දී තිබුණි. සමාජ මාධ්‍ය ජාල තහනම සංචාරක කර්මානතයට ද බලපා තිබේ.සමාජ මාධ්‍ය ජාල තහනම සිය ව්‍යාපාරික කටයුතුවලට ද දැඩිව බලපා තිබෙන බව සංචාරක කරමාන්තයේ නියුතු කිහිප දෙනකුම පැවසූහ.

කෙසේ වුවත් සිකුරාදා මහනුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මුස්ලිම් විරෝධී කෝලාහල මැඩ පැවැත්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක් වූ බවය.

සමාජ මාධ්‍ය ජාලවල කාර්යභාරය විය යුත්තේ සමාජයට නිසි තොරතුරු ලබාදීම විනා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේවනවිට අන්තර්ජාලය භාවිතාකරන බොහෝ දෙනෙක් කතාකරන්නේ VPN තොරාගෙන ඇත.

නමුත්,මේක තෝරගන්නකොට එම සේවාව සපයන පුද්ගලයින් එහෙමත් නැත්නම් ආයතනය සමඟ අපි කොතරම් ආරක්ෂිතද කියා කිව නොහැකිය. මොකද අපි ඒක භාවිතා කරනකොට අපේ දත්ත වෙනත් පාර්ශවවලට පත්වීමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා ය. හැබැයි ඉතින් නොමිලේ දෙන හැමදෙයක්ම හැමවෙලෙම නොමිලේ වෙන්නේ නෑ.මොකද කියනවානම් ඔබගේ පෞද්ගලික දත්ත රහසිගතව වෙනත් පාර්ශවයන්ට ලැබෙනවා. මේ නිසා ඔබට එය හානියක් වෙන්න පුළුවන්.

ඒවගේම අන්තර්ජාලය හරහා සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලටත් ඔබේ අනුදැනුමකින් තොරව ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කිරීමටත් ඉඩ ලබාදෙන්න මේ නොමිලේ ලැබෙන VPN එකකින් වෙන්න පුළුවන් කියලාත් දැනගෙන හිටියනම් හොඳයි. මේකට වැඩිදෙනෙක් දැනුවත් ව හෝ නොදුනුවත්ව මේවන විට මෙම ක්‍රමය හරහා මුහණු පොතට සම්බන්ධ වී සිටිනු දැකිය හැකිය.

සාර්ථකත්වය යනු මානසික තත්වයකි. එය ඇතැම් විට ඇබ්බැහි වීමට අපහසු මත්ද්‍රව‍යක් වැනිය. බොහෝ දෙනෙකුට සාර්ථකත්වයට ඇබ්බැහි වීම අපහසුය නමුත් එයට ඔබ ඇබ්බැහි වුවොත් එය ඔබ කිසි දිනෙක අත් නොහරිනු ඇත.

මතට ඇබ්බැහි වූ මිනිසෙක් දෙස බලන්න, බැලූ බැල්මට ඔහු කුමකට හෝ ඇබ්බැහි වී ඇති බව අපට කිව හැකි වනු ඇත. ඔහුගේ චර්යාවන්, කතා බහ අදී සියල්ල වෙනස් වනු ඇත. එමෙන්ම සාර්ථකත්වයට ඇබ්බැහි වූ මිනිසුන්ද එසේමය ඔවුන් තුලද අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් කම් දැකිය හැක. පහත කරුනු ඔබ තුලත් යම් ප්‍රමානයකින් හෝ ඇත්දැයි බලන්න. එසේනම් ඔබත් සාර්ථකත්වයට ඇබ්බැහි වෙමින් පවතී. පොතපතට ගුණගරුක කමට ආගම දහමට ඇබ්බැහිවීම වටනේය.

කොහොම නමුත් ෆේස්බුක් , කතාන්දරය තවමත් අවහරිය. හොර හොරාට නම් ෆේස්බුක් යන්නට එන්නට හැකිය. නෝට් බුක්,සීට් බුක්,පීල් බුක්,නිකම් බුක් අතරේ ගත් කළ මුහුණු පොතට නොව පොතකට මුහුණ යොදවනවා නම් පුවත් පත්කට දෙනුවන් යොදාවානම් ෆේස්බුක් වලට වඩා හොඳය. යහපත්ය.කියවිම මිනිසා සම්පුරණ කරන් කතාන්දරය මතකයට එන්නේ ඒ අනුවයි. කියවන පිරිස් අද සමායේ අඩුය. ලියන පිරිස්ද අඩුය. ටයිෆ් කරන පිරිස ද සිටින නමුත්, පත පොතට මුහුණ යෙදවීම මේ සියල්ලටම වඩා යහපත් බැව් පෙනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *