ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ කලාපීය ව්‍යාපාරයක් ශ‍්‍රී ලංකාවේදී ආරම්භ කෙරෙයි.

ශ‍්‍රී ලංකාව (2017 ඔක්තෝබර් 16 ) ආසියා පැසිෆික්  කලාපයේ වාසය කරන ළමයින්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ  කලාපීය ව්‍යාපාරයක්  ශ‍්‍රී ලංකාවේදී ආරම්භ කෙරෙයි. ශ‍්‍රී ලංකාවේ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්  චන්ද්‍රානි සේනාරත්න මහත්මිය  මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතාව ලෙස සහභාගිවූවාය. මෙම ගෝලීය අභියෝගය ජයගැනීමට උරදී සිටින වර්ල්ඞ් විෂන් සහ තවත් සංවිධාන රැසක් මෙම ව්‍යාපාරය සාර්ථක කරගැනීමට සහාය දක්වයි. ළමයින්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ව්‍යාපාරයේදී තමන්ට ඉටුකළ හැකි කාර්යභාරය විමසා බැලීම  නිමිත්තෙන් කොළඹ පැවති සම්මන්ත‍්‍රණයට ශ‍්‍රී ලංකාවේ විවිධ ආගමික නියෝජිතයෝ ඇතුළු 120 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වූහ. එමෙන්ම ශ‍්‍රී ලංකාව, පිලිපීනය, නේපාලය, බංග්ලාදේශය සහ මියන්මාරය යන රටවල තරුණ නායකයන්ගේ සහභාගිත්වයෙන් යුත් වෙනම කණ්ඩායමක්  සාකච්ඡාවක නිරත වූහ.මෙම ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවට සම්භාවනීය ආරාධිතයා ලෙස සහභාගිවූයේ ළමයින්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ දකුණු ආසියා ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය රින්චෙන් චොෆෙල්ය.

”ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ලොවක් පෙරමුණට ගෙනයාම ” තේමා කරගනිමින් ආසියා පැසිෆික්  කලාපයේ රටවල් 17 ක සහභාගිත්වයෙන් වර්ල්ඞ් විෂන් සංවිධානය මෙම ව්‍යාපාරය සංවිධානය කළේය. එහිදී ළමා විවාහ, ලිංගික අපයෝජන, ළමයින් විවිධ කාර්යයන් සඳහා ගෙනයාම, ළමයින් ශ‍්‍රමිකයන් ලෙස යොදා ගැනීම, පාසල්වලදී සහ නිවෙස්වලදී ළමයින් කායිකව ප‍්‍රචණ්ඩත්වයට හා ශාරීරික දඬුවම්වලට ගොදුරුවීම නිම කිරිම කෙරෙහි අවධානය යොමු කෙරෙයි. මෙම ව්‍යාපාරය නිමිතිකොට ගෙන නිකුත් කොට ඇති වර්ල්ඩි විෂන් ප‍්‍රකාශනය අනුව ලෝකයේ ළමයින්ට එරෙහි වැඩි ප‍්‍රචණ්ඩත්වයක් සිදුවන කලාපයක් වන්නේ  ආසියා පැසිෆික්  කලාපයයි. මෙම කලාපයේ අවුරුදු 2 ත් 17 ත් අතර වියෙහි පසුවන  ළමයින්ගෙන් 64% ක් පමණ පසුගිය වසරේදී  මෙම ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත. ගෝලීය වශයෙන් ගත්විට ළමා විවාහ වැඩිම සංඛ්‍යාව දකුණු ආසියාවන් වාර්තාවන අතර ළමයින් ශ‍්‍රමිකයන් ලෙස යොදා ගැනීමේ ඉහල ස්ථානය හිමිව ඇත්තේද එම කලාපයටය. නැගෙනහිර ආසියාවේ සැම ළමයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ප‍්‍රචණ්ඩත්වය අත්විඳිති.

2017 මාර්තු මාසයේදී බංග්ලාදේශ්, කාම්බෝජය, චීනය, මියන්මාරය, මොන්ගෝලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පිලිපීනය, ශ‍්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් මුල්කොට ගනිමින්, ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ආණ්ඩුවල , හවුල්කාර සංවිධානවල, තරුණ ළමා සහ ප‍්‍රජා සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීම උදෙසා මෙම ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් අරඹන ලදී. එක්සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන අභිමථාර්තවල 16.2 හි සඳහන් වන ”අපයෝජනය, සූරාකෑම, විවිධ අරමුණු වෙනුවෙන් ළමයින් රැුගෙනයාම සහ ළමයින්ට එරෙහිව ඇති සියලූ ආකාරයේ ප‍්‍රචණ්ඩත්වයන් සහ ළමයින් වදහිංසාවලට ලක්කිරීම අවසන් කිරීම ”යන අරමුණ සාක්ෂාත් කරගැනීමටද මෙම ව්‍යාපාරය දායකවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *