හොරෙන් එන කහ
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හි දීයි. වියළි කහ කිලෝග්රෑම් 807 කට ආසන්න ප්රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හී දී ඊයේ (18) සොයා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.