හොරකමට වැට බදින්න හදපු ආයතනය රැක ගන්න රනිල් පෙරට

හොරකමට වැට බදින්න හදපු ආයතනය රැක ගන්න රනිල් පෙරට

ඒ අස්සෙ දැන් ජනාධිපති ලේකම් හැම එකටම ලියුම් ගහ ගහ නියෝග දෙන්න පටන් අරන් තියනවා. මේ පාර මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න ජනාධිපති ලේකම් නියෝගයක් දීලා. මට නම් පේන්නේ තරහක් පිරිමහ ගන්න හදනවා කියලා. පාලිත රංගේ බණ්ඩාර එසේ කියන විට අනිත් අය ඇසුවේ, ඒ මොකක්ද ඒ කතාවේ තේරුම. කියාය.

නොරච්චෝලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් තොරව චීනෙට ආයෙත් ලබා දෙන්න ආණ්ඩුව තීරණයක් අරන්. ඒකට මහජන උපයෝගිතා කොමිෂන් එක විරුද්ධත්වය පළකරල තියනවා. ඒ හින්ද කොමිෂන් එක විසුරුවාහරින්නයි මේ ගොල්ලන්ගේ බලාපොරොත්තුව, රංගේ බණ්ඩාර පැහැදිලි කළේය.

මොන මොන ප‍්‍රශ්න තිබුණත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියලා එකක් තියනවා. ඒකට පිටින් වැඩ කරන්න රජයේ නිලධාරීන් කැමති වෙන්නේ නෑ. ඒක අපේ කාලෙදිත් අපි දැක්කා අදත් එහෙම වෙනවා, රනිල් පෙන්වා දුන්නේය.

හොරකමට වැට බ`දින්න හදපු ආයතනයත් රැක ගන්නේ නැතුව ඒක විනාශ කරන්න ජනාධිපති ලේකම් අනුමැතිය දෙනවා කියන එකයි පුදුම ය. මම 2002 – 2004 ආණ්ඩුවේ අගමැති හැටියට තමයි පාර්ලිමේන්තු පනතකින් මේක හැදුවේ. රනිල් පෙන්වා දුන්නේය.

අනිත් එක මේක අගමැති යටතේ තියෙන ආයතනයක් නේ. අගමැති ලේකම් කොහොමද ඒක ඉවත් කරන්න අණ දෙන්නේ ආශු මාරසිංහ ප‍්‍රශ්න කළේ ය.

අපෝ අනුන්ගේ වගකීම භාරගන්න එක මේ ආණ්ඩුවට දැන් පුරුද්දට ගිහිල්ලා. මන්නාරම සුළං විදුලි බලාගාරය හදන්න පටන් ගත්තෙ අපි. ආණ්ඩුව දැන් ඒක 2014 දී තමන්ගේ කාලෙ හදන්න පටන් ගත්තා කියල පුරසාරම් දොඩනවා වජිර කීවේය. මෙහෙම එකක් තියෙනවා. ඒ ගොල්ලොත් 2014 දී කැබිනට් පත‍්‍රිකාවක් දාලා තියෙනවා සුළං විදුලි බලාගාරයක් හදන්න. ඒ උඩරට ඒකට කාටවත් සල්ලි තිබුණේ නෑ. යම් යම් වෙනස්කම් සහිතව, තැනක් හොයාගෙන අපි තමයි මේක 2016 දී පටන් ගත්තේ. දැන් ඉතින් ඒකෙ ගෞරවය කවුරු අහුල ගත්තත් අපිට කමක් නෑ. අපි එදා කළේ අනාගතයට ඵලදායක දෙයක් කියලා අපි හිත හදාගමු, රනිල් යෝජනා කළේ ය. ඉන් පසුව පිරිස එකතු වූයේ ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පැවැත්විය හැකි පළාත් සභා ඡුන්දය ගැන කතාබහ කරන්නටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *