හිටපු රාජ්‍ය ඇමතිවරු කිසිදු වරප්‍රසාදයක් ගන්නේ නැහැ ඔවුන් පෞද්ගලික මුදල් පවා වැය කරනවා

හිටපු රාජ්‍ය ඇමතිවරු කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන්නා බවත් ඔවුන් පෞද්ගලික මුදල් පවා වැය කර රට වෙනුවෙන් කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය එදා පාර්ලිමේන්තුවේ එකට කටයුතු කළා මෙන් අද ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති ඇතුළු අය ද සමගි බලවේගය ද එක්සත් ජාතික පක්ෂයද පසුගිය දින කිහිපයේදී රාජ්‍ය ඇමතිවරු වරප්‍රසාද ලබා ගන්නා බව ප්‍රකාශ කර ඇති බවත් තමන් රාජ්‍ය ඇමති වරයෙකු වශයෙන් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව පැවති සමයේ පවා රාජ්‍ය ඇමැතිවරු විසින් කිසිදු වරප්‍රසාදයක් ලබා නොගත් බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව හිටපු නිවාස ඉදිකිරීම් ‍අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ දිවුලපිටිය පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එකල යහපාලන රජයේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දී කුලීකාරයෝ වශයෙන් පාවිච්චි කළ බවද අද එලියට ඇවිල්ලා බොරු චෝදනා එල්ල කරන බවද වීදුරු ගෙවල්වල සිට ගල් නොගැසිය යුතු බවත් අපි දැනටත් අපේ පෞද්ගලික මුදල් වලින් පවා ජනතා සේවය ලබාදෙන බව බවද ඔහු සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *