හිටපු ඇමැති රාජිත දෙසැම්බර් මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඇමැති රාජිත දෙසැම්බර් මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඇමැති රාජිත සේනාරත්න දෙසැම්බර් මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත ගිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තවදුරටත් එම රෝහලේම නතර වී ප්‍රතිකාර ලැබීමට නියමිතව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මතයි.

ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්දයෙන් කරන පරීක්‍ෂණ සදහා මෙම රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *