හික්කඩුවේ දී ලොරි දුම්රිය ගැටුම

හික්කඩුවේ දී ලොරි දුම්රිය ගැටුම

ගාල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හික්කඩුව වවුලගොඩ දුම්රිය හරස් මාර්ගයේ දි ඊයේ)සවස 3.45ට පමණ මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ලොරි රථයක් ගැටිමෙන් ලොරි රථයේ රියදුරු හා සහායකයා බරපතල තුවාල රෝහල් ගතකොට ඇති බැව් හික්කඩුව පොලිසිය කියයි. දුම්රිය මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබි ඇත. පෞද්ගලික ආයුර්වේද සමාගමකට අයත් ලොරි රථයක් දුම්රියේ ගැටි ඇති බව හික්කඩුව පොලිසිය කියයි. මෙම ලොරි රථයේ ආයුර්වේද බෙහෙත් ඇතුළු උපකරණ තිබු බවද පොලිසිය කියයි. මේවාද ටද අලාභයක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙහි දුම්රිය සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් තිබෙන ස්ථානයක් බවද පොලිසිය පවසයි. හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි. මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බවද දුම්රිය ආරංචි මාර්ග පවසයි.

@ඉමදුව බෝගහගොඩ කබරගල ප්‍ර දේශයෙන් හොරකම් කරන ලද ගවයින් තිදෙනෙකු ඩීමෝ බට්ටා වර්ගයේ රථයකින් ප්‍රවාහණය කරමින් සිටිය දී 03 දින ප්‍ර දේශයේ ජනතාව හා හබරාදුව පොලිසියට අයත් බෝගහගොඩ පොලිස් මුර පලේ නිළධාරීන් අදාල ලොරි රථය සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බෝගහගොඩ කබරගල ප්‍ර දේශයෙන් හොරකම් කරන ලද මෙම හරක් රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කබරගල ප්‍ර දේශයේ සිට බෝගහගොඩ හන්දිය හරහා ගමන් කරන අවස්ථාවේ මෙසේ මෙම රථය නවතා ඇති අතර පසුව පලා යාමට උත්සාහ කරන අවස්ථාවේ දී ප්‍ර දේශයේ ත්‍රීරෝථ රථ රියදුරන්, ප්‍ර දේශවාසීන් පොලිසිය සමඟ එක්ව මොවුන් අල්ලාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම දෙනිපිටිය ප්‍ර දේශයේ පදිංචි කරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *