හැමදාම අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ..ඒක නිසයි මා දිනන්නේ—ඩුලිප් විජේසේකර

මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතාගේ අදහස්

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දොම්පේ හා බියගම ජනතාවගේ ආශිර්වාදයෙන් මට තුන්වැනි වරටත් පාර්ලිමේන්තු යන්නට පුළුවන් වෙනවා. මම කෘතවේදී වෙනවා ඒ ආදරණීය ජනතාවට. මොන තානාන්තර දැරුවත්, මගේ ඉන්නේ ගමේ ජනතාව සමගයි.
මට වගකීම් පවරලා තිබුණු බියගම ආසනයෙ කාලයක් තිස්සේ අපට ජය ගන්නට බැරිව තිබූ බියගම ප්‍රාදේශීය සභාව 2011 දී ජයග්‍රහණය කරවලා ආනන්ද ගනේපොල එහි සභාපති වරයා ලෙස පත් කලා. ඔහුත්, ඔහුගෙ මන්ත්‍රී මණ්ඩලයත් ඔවුන් ඉතාමත් වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කරනවා. මේ කොරෝනා වසංගත තත්ත්වය තුල ඔහු විශාල වැඩ කොටසක් ඉටු කළා.

මෙලෙස ජනතාව විසින් අප දින වන්නේ මගේ පියාට, කම්බිකොටුවට ඇති ගෞරවය සහ ආදරය නිසා බව අපි දන්නවා. මගේ පියා, මගේ මව, මම සහ මගේ සහෝදරයා මැතිවරණ වලට ඉදිරිපත් වූ වෙලාවල දී දොම්පේ සහ බියගම ජනතාව විශාල ලෙස අපට සහයෝගය දැක්වූවා. අපි අපේ මල්ල තර කරගන්නට කවදාවත් දේශපාලනය කළේ නෑ. හැමදාම අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *