හබරාදුව පිලානේ වෙඩිතබයි අයෙක් මරුට…
හබරාදුව පිලානේ වෙඩිතබයි –අයෙක් මරුට…
හබරාදුව පොලිස් කොට්ඨාසයේ ගාල්ල 09වන දින රාත්රී 7.30 ට ඉමදුව මාර්ගයේ පිලාන ප්ර දේශයේ දී තුවාල ලබා පාරේ ඇද වැටී සිටින බවට පොලිස් හදිස් ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත හබරාදුව පොලිසිය සිදුකල විමර්ශනයක දී පුද්ගලයෙක් හමුව ඇත. හෙතෙම ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් අනුතරුව ඔහු මියගොස් ඇත. මෙහිදි පොලිසිය සිදුකල පරිකෂණයක දී තහවුරු වී ඇත්තේ මොහුට වෙඩි වැදී ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ,විලග දුරගේ ශ්රිනවන් අනුරාජ නැමැති 27 හැවිරිදි ගාල්ල තෙන්කලගොඩ පදිංචි අයෙක් බවයි. ඝාතනය සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවටගෙන නැත. සිධ්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පොලිස් පරික්ෂන පවත්වයි.