හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා තනතුරින් ඉවත්කෙරේ .

මම අයින් කරලා මම දන්නෙත් නෑ.හිටපු එජාප හබරාදුව සංවිධායක කියයි.

එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව ආසනයේ නව ප්‍රධාන සංවිධායක වරයා ලෙස  නීතිඥ තාරක නානායක්කාර මහතා පත් කිරීමත් සමඟින් හිටපු සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් කර ඇත.   අප මේ සම්බන්ධයෙන් හිටපු හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

ඔබ සංවිධායක දුරයෙන් ඉවත් කලේ ඔබ දැනුවත්වද ?

නෑ මම දන්නේ නෑ. මාධ්‍ය වලින් තමයි දැනගත්තේ. මට කිව්වේ නෑ.

ඔබ සංවිධායක දුරය සම්බන්ධයෙන් කණගාටුවෙන් ද හිටියේ?

ඔව් කණගාටුවෙන් හිටියේ. අඩුගානේ මට වැඩ කරන්න වාහනයක් වත් පක්ෂය දීලා තිබුනේ නෑ. හැබැයි මේ හබරාදුව ආසනය තුල රජයේ වාහන 06 විතර දිව්වා. ඒවායින් ඒ අය කරේ හවසට කඩේ ගිහින් සිගරට් බීපු එක.

ඇයි ඔබට සංවිධායක කම අහිමි වුනේ?,

ඒක නම් ඉතින් දන්නේ නෑ. මම හබරාදුව ට ඇතිවෙන්න වැඩ කරා. ලංකවෙන්ම සංවිධායක කෙනෙක් විදියට වැඩියෙන්ම වැඩ කරේ මම. අළුත් සංවිධායකට වඩා මම ප්‍රථම වතාවට ගියවර ඡන්දයට ඉදිරිපත් වෙලා දිස්ත්‍රික්කයේ ඡන්ද 44000 ක් ගත්තා. ඔය අළුත් සංවිධායක පළාත් සභා ඡන්දේ දී ගත්තේ ඡන්ද 8000 යි. මම මිනිස්සු එක්ක වැඩ කරා. මම ලංකාවේ හොදම ගොවියා වුනා. ඔය අළුත් සංවිධායකට මට වඩා තියෙන එකම සුදුසු කම හාමු කම තමයි.

එතකොට එජපය හොයන්නේ හාමු ලාද ?

ඒක ඉතින් එජාපයේ නායකයන්ගෙන් අහන්න ඕන.

ඔය මොනවා කිව්වත් සංවිධායක කම අහිමි වුනේ හබරාදුව ශ්‍රී ලංනිප සංවිධායක ඇමති චන්දිමගේ උකුලේ හිටපු නිසා කියලා තමයි සමහර පාක්ශිකයින් කියන්නේ ඒක ඇත්ත ද?

එහෙම එකක් නෑ. මම දේශපාලනයේ දී ගරු කරන්න ඕන හැමෝන්ටම ගරු කරනවා. ඇමති චන්දිම මට වඩා ශ්‍රේෂ්ඨයි ඉතින් ගරු කරා කියලා වරදක් නෑ. මම කවදාවත් හිටපු ජනපති මහින්දටවත් බනින්නේ නෑ. ඔය අනිත් අය බනින අවස්ථාව වල අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට බැන්නෙත් නෑ. මගේ ලග එහෙම දේශපාලනයක් නෑ.

දැන් මොක ද කරන්නේ දේශපාලන තීන්දුවක් ගන්නවද?

මම ජනතාව එක්ක වැඩ කරන්න දේශපාලන තීන්දුවක් අරගෙන තියෙන්නේ. තව ඒවා ගන්න දෙයක් නෑ. ඉස්සරහටත් වැඩ කරනවා. බලමු බලමු මොකද වෙන්නේ කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *