හකීම් එජාපයට අනතුරු අගවයි – පුංචි ඡන්දයට පෙර ඇතිකරගත් එකඟතා කැඩුවොත් බලාගෙනයි

හකීම් එජාපයට අනතුරු අගවයි – පුංචි ඡන්දයට පෙර ඇතිකරගත් එකඟතා කැඩුවොත් බලාගෙනයි

2පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්‌සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්‍රියා නොකර විශ්වාසය කඩකිරීම් දිගටම සිදු කරන්නේ නම් ඊට දේශපාලනික වශයෙන් නිසි පිළිතුරු ලබාදීමට තමන් පසුබට නොවන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක සහ ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය.

හෙතෙම මෙම අනතුරු ඇඟවීම කළේ පෙරේදා (24 දා) සිය පක්‍ෂ මූලස්‌ථානය වන දරුසලම්හිදී (සාම මන්දිරය) මුස්‌ලිම් කොංග්‍රසයයේ පැවති මන්ත්‍රීධුර ලැබූ සභිකයින්ගේ දිවුරුම් දීමේ අවස්‌ථාවේදීය.

පළාත් පාලන මැතිවරණයට පෙර එජාපය සමඟ තම පක්‍ෂය එකඟත්වයක්‌ ඇතිකරගෙන කරළියට පැමිණි නිසා නොයෙකුත් අවලාද අභියෝගවලට මුහුණදීමට සිදුවූ බවත් දිගින් දිගටම විශ්වාසය කඩකිරීම් සිදුවේ නම් එම පක්‍ෂයත් සමඟ ගමන් කිරීම් අමාරු බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

තම පක්‍ෂය ජයගත් සභාවල බලය වෙනත් පක්‍ෂ සමඟ එකතුව තහවුරු කර ගන්නට උත්සාහ ගන්නේ නම් හෝ සභාපති ධුර නොදී වෙනත් පක්‍ෂ සමඟ සන්ධාන ගතවීමට උත්සාහ දරන්නේ නම් එයටද දේශපාලනික වශයොන් හොඳ පාඩමක්‌ ඉගැන්වීමට ක්‍රියාකරන්නට පසුබට නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

හැකිතාක්‌ දුරට රජය සමඟ එකට ගමන් කිරීමේ අරමුණින් ක්‍රියාකරන අතර තමන් බෙලහීන කර ඔවුන්ට ඉදිරියට යා නොහැකි බවද පැවැසූ රවුµa හකීම් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

පසුගිය සති 3 ක්‌ තිස්‌සේ සිරිකොත මූලස්‌ථානයේ එ.ජා.පක්‌ෂයේ නායකයින් සමඟ සාකච්ඡා කළ විෂයන් සහ ඉන්පසුව සිදුවන දේවල් පිළිබ`දව අවධානයට යොමුකරන විට තවදුරටත් එ.ජා.පක්‌ෂය සම`ග දීගයාම ඉතා අසීරු කාර්යයක්‌ බව ඉතා කනගාටුවෙන් දන්වා සිටිමි.

මැතිවරණයේ දී එක්‌සත් ජාතික පක්‌ෂයේ ලේකම්වරයාට අමතරව සන්ධානගතවී තරග කරන අනෙකුත් සුහද පක්‌ෂ සඳහා ද ලේකම්වරයෙකු සිරිකොත හි පත්කළ යුතු බව එම පක්‌ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මා විසින් දැනුම් දෙන ලදී. එසේ සිදුකිරීමට අපොහොසත් වේ නම් එක්‌සත් ජාතික පක්‌ෂය සම`ග සන්ධානගත වීම යථාර්ථයක්‌ නොවේ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ජය වාර්තා කරමින් බලය තහවුරු කිරීමට සුදුසුකම්ලත් පළාත් පාලන ආයතන සඳහා විවිධ පක්‌ෂ සමග
සාකච්ඡා සිදුවෙමින් පවතී. සති දෙකක්‌ පුරා සිදුකරන මෙම සාකච්ඡාවල අවසාන තීරණය ගැනීමට තවත් දින කිහිපයක්‌ ගතවේ.

එහිදී හකීම් මන්ත්‍රීවරයා මෙසේද කීය.

ද්‍රවිඩ සංවිධානයේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ දෙවන වටයේ සාකච්ඡාව බ්‍රහස්‌පතින්දා සිදුවුණි. සම්බන්ධන් මහතා සමග
මාවෛ සේනාධිරාජා මහතා ද ඒ සඳහා සහභාගී වී සිටියා. අවසන් තීරණයක්‌ තව නොබෝ දිනයකින් ලබාගත හැකි යෑයි බලාපොරොත්තු
වෙනවා.

ඒ සමග සභාවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සමගද සාකච්ඡා
පැවැත්වූවා. ජනාධිපතිතුමා දිවයිනට පැමිණීමෙන් අනතුරුව, ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් තීරණයකට එළඹිය හැකිවනවා.

මේ අතර පොදුජන පක්‌ෂයේ දිස්‌ත්‍රික්‌ නායකයින් ද බලය පිහිටුවීම සම්බන්ධයෙන් අප වෙත පැමිණ – දැඩි කථාබහක යෙදී සිටිනවා.
සභාපතිකම දෙනවා, උප සභාපතිකම දෙනවා කියා, පවසනවා. මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අප යථා කාලයේ දී දන්වනවා.

සැප්තැම්බර් මාසය වන විට පළාත්සභා මැතිවරණය පැවැත්විමේ තත්වයක්‌ පවතිනවා. බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ
කණ්‌ඩායම් රැස්‌වීමේදී, නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ බාධක හා සීමා නිර්ණය මත මුස්‌ලිම්වරුන්ට ඉන්
සිදුවන අන්ත්‍රාව පෙන්නුම්කොට, පැරණි ක්‍රමයට පළාත් පාලන සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මා අග්‍රාමාත්‍යවරයා වෙත දැඩි සේ
බලකර සිටියා.

නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත්පාලන මැතිවරණයේ දී අක්‍රමිකතා සිදු වී ඇති තත්වයක පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත්
ඊටත් වඩා ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බව පෙන්නුම් කර දුන්නා.

එහි සිටි සමහර එක්‌සත් ජාතික පාක්‌ෂිකයින්ද නව ක්‍රමය තුළ ප්‍රශ්න තිබෙන බව දැන්වු අතර, ඒ නිසා පැරණි ක්‍රමයෙන් මැතිවරණයකට
යැම සුදුසු බව කියා මගේ අදහස අනුමත කරමින් සහයෝගය දැක්‌වූවා.

පොදුජන පෙරමුණේ සමහරු ද පැරණි මැතිවරණ ක්‍රමයට සහයෝගය දක්‌වා තිබෙනවා. පැරණි මැතිවරණ ක්‍රමයට යැම සඳහා වූ
සහයෝගය එක්‌රැස්‌ කළ හැකි බව අපට විශ්වාසයක්‌ තිබෙනවා. පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය හැකියි යන විශ්වාසය මත අප
බලාපොරොත්තුවෙන් සිටිනවා

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *