සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් අපි මැතිවරණයට හෙට වුණත් සූදානම්

සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් අපි මැතිවරණයට හෙට වුණත් සූදානම්–අපේ ජන බල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා සුනේත්‍රා සමරකෝන්

අපේ ජන බල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක සුනේත්‍රා සමරකෝන් මහත්මිය මෙම අදහස් පළ කළේ lanka abc news වෙබ් අඩවිය සමඟ සංවාදයකට එක්වෙමිනි

මේ ඇය දැක්වූ අදහස්

අපේ මේ පුංචි ලංකාවේ කොරෝනා ඉතා සාර්ථකව පාලනය කළා. ඒකට අපි ජනපති හා රජය ඇතුළු සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට ප්‍රශංසා කළ යුතුයි. අපේ රට ලොව අනෙකුත් දියුණු රටවලට පවා ආදර්ශයක් වුණා. මම දකින්නේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා නම් මැතිවරණ තියන්න පුළුවන් කියලා. අපේ දුරස්ථභාවය තබාගෙන සෞඛ්‍ය අංශ කියන දේ පිළිපැදලා ඒ විදියට ඡන්දයක් තිබෙනවානම් නම් අපි සූදානම් ජනමතයට.

කොවිඩි19 පසුබිමෙන් අපිට ලොකු ආදර්ශයක් ගත හැකියි. අපිට පිටරටට අතපාන්න අවශ්‍ය නැහැ. අපේ දේ නිෂ්පාදනය කළ යුතුයි. අපේ දේශීය ආර්ථිකය ගොඩනැගීම තමයි අපේ යුතුකම වන්නේ. මම හිතන්නේ අපේ රජය මෙි කටයුතු සාර්ථකව කරයි කියලා. අපිත් බලාපොරොත්තු වන්නේ ඒක.

මම මේ වන විටත් බීජ වර්ග බදුන් දහදාහක් සකස්කර අවසන්. ඒ ගම්පහ දිස්තික්කයේ පවුල්වලට බෙදා හරින්න. මගේ ගෙවත්තෙත් අපේ නිවසට අවශ්‍ය බෝග ටික මම වගා කරනවා. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් ගෘහණියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ ගෙදරට පරිභෝජනයට ගන්න පුළුවන් ආහාර ගෙදරිදීම නිෂ්පාදනය කර ගන්න කියලා. කොරෝනා මතකය අමතක උනහම ඒ දේ නවත්වන්න එපා. අපේ කුඹුර අප වගා කළ යුතුයි. අපේ ගෙවත්ත වගා කළ යුතුයි.එක බිමි අගලක්වත් අපතේ යවන්න එපා. මොනවා හරි බීජයක් සිටවා ප්‍රයෝජනය ගන්න. සැමට කියන්නේ පවුල ගැන රට ගැන හිතලා දැන්වත් කටයුතු කරමු කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *