සුළං තත්වයේ වැඩි වීමක්

ඉදිරි දින කිහිපයේ දිවයින තුළ හා දවයින වටා පවතින මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත තත්වය සහ වළාකුළුවලින් බර තත්වය තවදුරටත් අපේක්ෂා කරයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අම්පාර හා බදුල්ල දස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න්  පසු ගිගිරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක තරමක වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මොණරාගල, මාතලේ, නුවරඑලිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට  හමන තද සුළං ඇතිවිය හැක. සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ඉක්මවිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *