සුද්දෝ දෙදෙනෙක් එක්ව සිදුකරන සුපිරි හොරකමක් මෙන්න.

රුපියල් 5 000 හේ නෝට්ටුව පෙන්වා එකට යටින් මුදල් කොළ සියල්ලම වෙළෙඳ සැල් වල ලාච්චුවෙන් ගාන්නා සුපිරි පහේ සුද්දය මෙන්න.

සුද්දෝ දෙදෙනෙක් එක්කව ලංකාවේ සුපිරි වෙළෙඳ සැල්වලට සුද්යක් දෙන සිද්ධින් රැසක් සම්බන්ධයෙන් මේවන විට පොලිසිය පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇත.මේ අනුව,ලංකාවේ පළාත් 04 ක දිස්ත්‍රික්ක රැසක මේ හොරකම් සැලසුම් සහගත ආකාරයට මේ සුද්දන් දෙදෙනො සිදුකරන සෙයක් දැකිය හැකිය. මේවන විට පොලිස් ස්ථාන හතරකට මේ ආකාරයෙන් සුද්දන් තම වෙළෙද සැල්වල තිබු මුදල් ලාච්චුවේ දිබූ මුදල් සොරාගෙන ගොස් ඇතැයි පැමිණිකළ ඇත. මෙයට ආසන්නව සිද්ධිය සිදුව ඇත්තේ, මොරවක නගරයේ සුපිරි වෙළෙද සැලක බැව් මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් දේශබන්ධු මහතා පවසයි.
මෙසේ මොරවක නගරයේ දී වෙළෙද සැලේ මුදල ලැච්චුවේ තිබු අතුරුදන් වු මුදල රුපියල් 40 , 000 ක් බැව් මොරවක පොලිසිය පවසයි.
අදාළ සුද්දන් මේ හොරකම කරන ආකාරය ඉතාම සුවිශේෂ වු සිද්ධියකි.පළමුව එක සුද්දෙක් අදාළ සුපිරි වළෙද සැලට බඩු ගන්නා ආකාරයට පැමිණේ. ඒ ඔහු සතුව රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක්ද ඇතිවයි. මේ අනුව යම් භාණ්ඩයක් මිල දී ගන්නා වු සුදු ජාතිකයා.පසුව දන්නා නොදන්නා ආකාරයෙන් මිල හා බඩු සමබන්ධයෙන් වෙළෙද සැලේ අය කැමිගෙන් තොරතුරු අසා අය කැමි යම් අපහසුතාවයකට හා මානසික ඒකාග්‍රතානය බිඳ දමන්නට කටයුතු කරන සෙයක් දැකිය හැකිය.
පසුව, තම භාණ්ඩය ගත් මුදල අඩු කර ඉතිරි මුදල දෙන්නට කියා පෙරැත්ත කරන අතර ඉතිරි මුදල ලබා ගන්නේ සුද්දා අය කැමිගේ මුදල් ලාච්චුවට අත දමාය. මෙහිදි පෙනෙනා දකිනා ආකාරයට නිවැරදිම රුපියල් 5 000 දහසේ නෝට්ටුවට දීමෙන් පසුව ඉතිරි මුදල ගණන් කරමින්ම සුද්දා මුදල් ලාච්චුවෙන්ම ලබා ගනිති.
මේ අතර තුරු තවත් සුද්දෙක් මෙම ස්ථානයට විත් තවත් බඩු ගන්නා ආකාරයට විමසිමක් සිදුකරන්නේ ද අය කැමි ගෙන්මය. මේහි දී අවදානය වෙනත් දිසාවකට යොමුකරන අතර තුර දී අදාළ වෙළෙඳ සැලට පළමුව ආ සුද්දා මුදල් ලාච්චුවට අත දමා පෙර කී පරදි මුදල් ලබා ගනිති. පසුව පැමිණි සුද්දාගේ අවශ්‍යතාවය සලසා දෙන්නට ආයාතනයේ ආරක්ෂක නිලධාරියා සමඟ දෙවන සුද්දා වෙළෙද සැලේ ඇතුලතට ගමන් කරන අතර පසුව බඩු මිල දි ගන්න ආ පළමු සුද්දා වෙළෙද සැලෙන් නික්ම ගිය පසුව දෙවන සුද්දාද වෙළෙද සැලෙන් පිටව යයි. ගත වන්නේ නිමේෂයකි. මුද්ල ලාච්චුවේ මුදල් නැත.
මෙම ආකාරයට මුදල් ලාච්චුවේ මුදල් අතුරුදන් වෙන්නේ,අදාළ සුද්දා මුදල් ගන්නට ලාච්චුවට අතදැමෙන් ටික වේලාවකට පසුව බවයි වෙළෙඳ සැල් වල කැසියර් නැතහොත් මුදල් අය කැමිවරුන් පෙන්වා දෙන්නේ. මේ ආකාරයට යම් ඇස්බැද්දුමක් සිදුකර මුදල් ගන්නා සෙයක් දැකිය හැකි බැව් මොවුන් පෙන්වා දෙති.මේ සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ සැල්වල ආරක්ෂිත කැමරා බද්ධතියේ මේම දර්ශන සටහනව ඇති නමුත් මුදල් අතුරු දන්වන ආකාරය සොයාගත නොහැකි බැව් පොලිසිය පවසයි.
ලංකාවේ අප නිරන්තරවම ඈත අතීතයේ සිට සුද්දෝ අප ඇන්ඳුහ.අදත් එසෙම විවිධ ක්‍රමයන් යටතේ අප අන්ඳවනු ලබන බව පෙනෙයි.සමහර ඇත්තන්ට රෙද්ද පෙන්නු විඟස මිලට ගෙන කපා කියන්නටත් පෙර ඇඳ ගැනිම අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය සිරිතයි.එය ආණ්ඩුව ද මැති ඇමතිවරුන්ද විපක්ෂයේ විවිධ වු සෑම දේශ පාලඥයන්ද අගෙට සිදුකරන බව සුන්දෝ හොඳින් තේරුම්ගෙන ඇත.
මේ සුද්දන් දෙදෙනො රුපියල් 5 000 හේ කොළය පෙන්වා අපට කොළ කඩා පානවා සේය.මෙහි දී මොරවක පොලිසිය හා පොලිස් ස්ථාන පවසන්නේ ඉතාම නිවැරදිම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *