සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම වත්මන් යහපාලන රජය භාරගත යුතුයි– ගලගොඩඅත්තේ ඥානසාර හිමි

සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම වත්මන් යහපාලන රජය භාරගත යුතුයි– ගලගොඩඅත්තේ ඥානසාර හිමි

තමන් වහන්සේව සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම වත්මන් යහපාලන රජය භාරගත යුතු යෑයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (26 වැනිදා) පැවසූහ.

දේශපාලකයන් කිහිපදෙනකු, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌, ඔවුන්ගේ බත් බැලයන් වූ නිලධාරීන් කොටසක්‌ මෙම කුමන්ත්‍රණය පිටුපස සිටි බවත්, ඔවුන්ගේ නම් ගම් විස්‌තර සහිතව පසුව ප්‍රකාශ කරන බවත් උන්වහන්සේ කීහ.

තමන් වහන්සේට කෙසේ හෝ ජම්පර් ඇන්දවිය යුතු බවට රහසිගත ස්‌ථානයක සාකච්ඡාවක්‌ සිදුව ඇති බවට තොරතුරු දැන ගන්න ඇති බවත්, එම කුමන්ත්‍රණයන්ට හවුල් වූ පුද්ගලයන්ට මේ වන විට ඒ සඳහා තුටුපඬුරු ලැබී ඇති බවත් ඥනසාර හිමියෝ කීය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (26 වැනිදා) එම අදහස්‌ පළකළේ රාජගිරියේ පිහිටි

ශ්‍රී සම්බුද්ධරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *