සිරගත කර ඇති රණවිරුවන්ට නිදහස් වීමට ගෝඨාභය නම කියන්න කියනවා (video)

වත්මන් ආණ්ඩුව විසින් අද වන විට සිරගත කර ඇති වැඩි පිරිස රණවිරුවන් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඔවුනට නිදහස් වීමට ඇති එකම මාර්ගය වී ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂගේ නම කීම පමණක් යයිද ඒ මහතා කියයි. කෙසේ වෙතත් රණවිරුවන් කිසිදු බොරු කියන අය නොවන නිසා එම වචනය ගැනීමට නොහැකි වී ඇති බවද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

‘අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කලා..කවුද බලයේ ඉන්නෙ කියන කාරණය නෙමෙයි ඔවුන්ට වැදගත් වුනේ..රට වෙනුවෙන් කළ යුතු සේවාවයි ඔවුන්ට වැදගත් වුනේ..ඒ කල කැපකිරීම් සැලකිල්ලකට නොගෙන ජාත්‍යන්තරවත් දේශියවත් විවිධ ආකාරයෙන් ඔවුන් අසීරු තත්වයකට පත්කරල තියනවා..අද බලන්න කවුද හිරේ දාල තියෙන්නෙ කියලා’..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *