සැමියා බිරිඳව මරාදමා සැමියත් දිවි නසා ගනි

සැමියා බිරිඳව මරාදමා සැමියත් දිවි නසා ගනි

පමුණුගම, පුබුදුගම ප්‍රදේශයේදී ස්වාමියා විසින් සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු ද සියදිවි හානි කරගෙන තිබේ.

දෙදෙනා අතර ඇති වූ බහින්බස්විමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

ස්වාමීයා විසින් බිරිඳ ඝාතනය කර ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 09 වන පටුමග, පුබුදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක් සහ 47 හැවිරිදි පුද්ගලයෙකි.

පමුණුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *