ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන්- නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨයෙන් 270 දෙනෙකුට උපාධි

ඔස්ට්‍රේලියාවේ වඩාත් කිර්තිමත් විශ්වවිද්‍යාලයකින් ශ‍්‍රි ලංකාවේ  තරුණ තරුණියන්    270 දෙනෙකු අධ්‍යාපන සුදුසුකම් ලැබීම  සමරමින් නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨය එහි තුන්වැනි උපාධි ප‍්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වීය. ප‍්‍රධාන ආරාධිතයාවුයේ මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න මහතායි. ආරාධීත අමුත්තන් වශයෙන් ශ‍්‍රි ලංකාවෙ‘ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ටිම් හගින්ස් මහතා සහ ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති ඩේවිඩ්  කෝල්ඩ්මන් මහතා සහභාගි වුහ. ව්‍යාපාර සහ විද්‍යා ඉංජිනේරු පදනම පාඨමාලා මෙන්ම ව්‍යාපාර තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු ඩිප්ලෝමා උපාධිධාරීහු මෙම උත්සවයේදි සාඩම්බරයෙන්  සිය යෝග්‍යතා සහතික ලබාගත්හ. ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට ඔවුහු ඔස්ට්‍රේලියවේ හෝ මැලේසියාවේ  ස්වින්බර්න්  විශ්ව විද්‍යාලයෙහි සිය දෙවැනි වසර අධ්‍යයන කටයුතු ආරම්භ කරති.  එම පාඨමාලා හැදෑරිම පිණිස ඉහළම දක්ෂකම් දැක් වූ සිසුන්  18 දෙනෙකුට ස්වින්බර්න් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරිණි.  තවත්  15 දෙනෙකුට ඉහළම සම්මාන පිරිනමමින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වය පිළිගැනිමට ලක්කෙරිණ මෙම අවස්ථාව නවලෝක උසස් අධ්‍යාපන විද්‍යා පීඨයට ද්විත්ව සැමරුමක්  විය.   එනම් එය විද්‍යාලය ආරම්භයේ සිට වැඩිම සිසුන් සංඛ්‍යාවක් වන  270 දෙනෙකුට යෝග්‍යතා සහතික ප‍්‍රදානය කිරිමයි.

 

රෝහල්   ඉදිකිරීම්, නිෂ්පාදන, වෙළඳාම, ලිහිසිතෙල් සහ ගුවන්සේවා යන අංශ ගණනාවක ව්‍යාපාරික කටයුතුවල නියුතු නවලෝක සමාගම් සමූහයට මෙම නවලෝක  උසස් අධ්‍යාපන  විද්‍යා පීඨය අයත් වෙයි. ඉහලම ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුව  තරුණ ප‍්‍රජාවට විශිෂ්ට අධ්‍යාපනයක්  ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින්  නවලෝක  උසස් අධ්‍යාපන විද්‍යා පීඨය ඔස්ට්‍රේලියාවේ  ස්වින්බර්න් විශ්ව විද්‍යාලය සහ ඇමරිකාවේ කැලිපෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය වන මොන්ටෙරි බේ  සමග හවුල්කාරිත්ව ගිවිසුම් අත්සන් කොට ඇත. පවතින ඉහල ඉල්ලුම සැලකිල්ලට ගෙන මධ්‍යම පළාත් විමසීම් වලට පහසුකම් සැපයීම සඳහා මහනුවර කාර්යාලයක් පිහිටුවා ඇත.ස්වින්බර්න් විශ්වවිද්‍යාලය සමග සහයෝගිතාව මගින් නවලෝක  උසස් අධ්‍යාපන විද්‍යා පීඨය ව්‍යාපාර,තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු  සහ සෞඛ්‍ය විද්‍යා ඩිප්ලෝමා පිරිනමයි

ස්වින්බර්න් තාක්‍ෂණ විශ්ව විද්‍යාලය විවිධ විෂය ක්‍ෂෙත‍්‍ර අනුව ශ‍්‍රාස්ත‍්‍රවේදී උපාධි 16 ක් පිරිනමයි. ලෝක විශ්ව විද්‍යාල අධ්‍යයන ශ්‍රේණිගතකිරීම් අනුව එම විශ්ව විද්‍යාලය ලෝකයේ ප‍්‍රමුඛ විශ්වවිද්‍යාල 400 අතර ඇත. ලෝකයේ ප‍්‍රධාන විශ්ව විද්‍යාලවල සියයට 3  අතර සිය ස්ථානය තහවුරු කරගෙන සිටින එය මෙල්බෝර්න්හි ප‍්‍රධාන විශ්ව විද්‍යාල  3න් එකකි. රැකියාවල නිරතවීමට ඇති හැකියාව වර්ධනය කරමින් සිසුන්ට ප‍්‍රායෝගික සහ කර්මාන්ත සඳහා නැඹුරුවකින් යුත්  වැඩසටහන් සපයමින් එම විශ්වවිද්‍යාලය විද්‍යාතාක්‍ෂණ සහ නවෝත්පාදනයෙන් පෙරමුණේ පසුවෙයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *