ස්වාභාවිකත්වයට මුල්තැන දෙමින් සිදුකරන රුහුණේ සංචාරක ප්‍රවර්ධනයට ලෝක නායකයින්ගෙන් පැසසුම්

ස්වාභාවිකත්වයට ප්‍රමුඛත්වය ලබා දෙන පාරිසරික පද්ධතියක් තුළ වස විසෙන් තොර ඉතාමත් උසස් වර්ගයේ ආහාර පාන ලබා දෙමින් ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ සිදු කරන සංචාරක ප්‍රවර්ධන ක්‍රියාවලිය අතිශය ඵලදායී බවත් විවිධ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොර වු සෞඛ්‍ය ආරක්ෂිත නැවුම් පළතුරු, එළවළු හා මස් මාංශ වර්ග උපරිම පිරිසිදු භාවයෙන් හා රසවත් ලෙස සංචාරකයින් සඳහා ලබා දීමට ශ්‍රී ලාංකීය අප තිරසර සංචාරක වැඩ පිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

පිලිපීනයේ සීබු ප්‍රාන්තයේ පැවති 21 වන අන්තර් දූපත් සංචාරක ප්‍රවර්ධන සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරතුමා මෙම අදහස් පැවසීය.

පිලිපීනයේ සීබු ප්‍රාන්ත රාජ්‍යයේ පැවති මෙම අන්තර් දූපත් සංචාරක ප්‍රවර්ධන සංවිධානයට අයත් රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ සීබු ප්‍රාන්තයේ ගරු ආණ්ඩුකාර හිලාරියෝ පී. ඩේවිඩ් III මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සීබු නුවර මාර්කෝ පොලෝ සුප්‍රකට ශ්‍රවනාගාරයේදී මෙම සමුළුව පැවැත්වුනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා, සංචාරකයින් බොහෝමයක් ලෝකය විවිධ රටවල සංචාරය කරන්නේ නිදහස, විවේකය, මානසික සැනසිල්ල උදෙසා. මේ අතරින් සුළු පිරිසක් පර්යේෂකයින්, ගවේෂකයින් වුවත් බොහෝ පිරිස් සංචාරයට එකතු වන්නේ විවේකය සහ විනෝදය උදෙසා. මේ අයට නව අත්දැකීම්,නව ක්‍රියාකාරකම් නවතම විනෝදාස්වාද මෙන්ම යහපත් පෝෂණමය හා සෞඛ්‍යමය තත්වයන් ආරක්ෂාකර දීමේ වගකීමද එම රටවලට පැවරෙනවා. ඒ අතරින් වස විසෙන් තොර උසස් වර්ගයේ ස්වාභාවික ආහාර පාන ලබා දීම විශේෂයෙන් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමේ හොඳම අවස්ථාවක් වන අතර එය රටක් වශයෙන් අපගේ ඉහලම නිවැරදි සත්කාරය ලබා දුන් බවට විශිෂ්ඨ ජයග්‍රහනයද, සතුටද හිමිවන බව එතුමා කියා සිටියේය.

ඔක්තෝම්බර් මස 20 වැනි දින සහ 24 වන දින දක්වා රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති 21 වන අන්තර් දූපත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වූ නායකයන් රැසකගේ ප්‍රසාදය දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ දේශනයට හිමි වීම මෙහි විශේෂත්වයයි.ශ්‍රී ලංකාවේ දකුණු පළාත් සංචාරක ප්‍රවර්ධනය උදෙසා වූ වැඩසටහන් රැසකටද මෙහිදී මුල පිරූ අතර ශ්‍රී ලංකාවේ සංචාරයට බොහෝ පිරිසකගේ උනන්දුව දක්නට ලැබීම විශේෂයෙන් වැදගත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *