සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ නැහැ රනිල් සහභාගී වෙයි ද????

කතානායක කරු ජයසූරිය මහතාට සහ සියලු දේශපාලන පක්ෂ සදහා ආරාධනා

අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අද නිළ වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.ඒ සදහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත බවට වාර්තාවෙයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජනපතිවරයා මුණගැසෙන පළමු අවස්ථාව මෙය විය හැක.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් අද පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට සහ සියලු දේශපාලන පක්ෂ සදහා ආරාධනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *