සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරයි. – අදාළ නිවේදනය පහතින් බලන්න

 සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ එම ආයතනය පිහිටුවීමට තීරණය කර ඇති බවද  එම නිවේදනයේ දැක්වෙනවා. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටළු නිරාකරණය කරගැනිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් අදාළ විසඳුම් යෝජනා ලබාදී තිබෙන අතර නෙවිල් ප්‍රනාන්දු පවුලේ හිමිකරිත්වයෙන්ද අදාලආයතනය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *