සයිටම් විසඳුමට එරෙහිව අන්තරේ සටනට

සයිටම් විසඳුමට එරෙහිව අන්තරේ සටනට

සයිටම් ආයතනයට අදාළව ආණ්‌ඩුව ප්‍රකාශයට පත්කළ විසඳුමට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ ශිෂ්‍යයා පැවසීය.

වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කරන තෙක්‌ විරෝධතා අත්නොහරින බව ද හෙතෙම කීවේය.

ආණ්‌ඩුවේ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා කොළඹ කොටුව උපවාසය පවතින ස්‌ථානයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ මද්දුමගේ ශිෂ්‍යයා සයිටම් ආයතනය අහෝසි කරන ලෙස මෙතෙක්‌ කළ බලපෑමට ආණ්‌ඩුව කන්දී නැතැයි ද පැවසීය.

ආයතනය ලාභ නොලබන ආයතනයක්‌ බවට පත්කරන්නේ යෑයි ආණ්‌ඩුව පවසන නමුත් ලාභ නොලබන ව්‍යාපාර පවත්වාගෙන යැමට කැමැති ව්‍යාපාරිකයන් කවුරුන්දැයි ප්‍රශ්නයක්‌ පවතින බව හෙතෙම සඳහන් කළේය.

මෙහිදී සිදුව ඇත්තේ සයිටම් නම පමණක්‌ වෙනස්‌ කිරීමකැයිද ඊට හේතුව සයිටම් ආයතනය ලොව සෑම රටකම අසාදු ලේඛනගත කිරීමකැයි ද මද්දුමගේ ශිෂ්‍යයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *