සයිටම් විරෝධය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට දී.

වෛද්‍යපීඨ දෙමාපියෝ කොළඹදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරති .

දෙමව්පිය ජීවිත බිලිනොගෙන සයිටම් අහෝසිකරනු  යන මැයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කර උද්ඝෝෂණයක් 06 දින ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට දී පැවැත්විණි.

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දෙමව්පියන්ගේ මාරාන්තික උපවාසයට ආරම්භ කිරීමට සමගාමීව රට පුරා පැවැත්වෙන මෙවැනි විරෝධතා පැවැත්වෙන බවත් මෙම විරෝධතාවයට රජය කන් නොදෙන්නේ නම් මින් පසු දැඩි ක්‍රියා මාර්ග වලට එළඹෙන බවත් ශිෂ්‍ය ක්‍රියාකාරීහු පවසති.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පඹයින් දෙදෙනෙකු ද පුලුස්සා දමමින් සයිටම් අහෝසි කරණු, බොරු පොරොන්දු එපා, රනිල් මෛත්‍රී නිදහස් අධ්‍යාපනය වනසයි යන සටන් පාඨ කියමින් මොවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.

මේ අතර වෛද්‍යපීඨ දෙමාපියෝ කොළඹදී මාරාන්තික උද්ගෝෂණයක් ආරම්භ කර ඇති අතර දෙමාපියෝ පස් දෙනෙක් එයට එක්වී සිටිති ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *