සයිටම් අහෝසි කරනු: මාරාන්තික උපවාසය අද

සයිටම් අහෝසි කරනු: මාරාන්තික උපවාසය අද

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ආණ්‌ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමවුපියෝ කොළඹදී අද (06 වැනිදා) මාරාන්තික උපවාසයක්‌ අරඹති.

උපවාසය ආරම්භ කරන ස්‌ථානය අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කෙරෙන අතර දෙමවුපියන් පස්‌දෙනකු ප්‍රථමයෙන්ම උපවාසයට එක්‌වන බව දෙමවුපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ) පැවසීය.

සයිටම් ගැටලුවට ආණ්‌ඩුව දුන් විසඳුම පිළිගත නොහැකි යෑයි ද වෛද්‍ය උපාධිය විකිණීම නතර කිරීම හැර වෙනත් විසඳුමක්‌ නැතැයි ද සභාපතිවරයා කීවේය.

දෙමවුපිය උපවාසයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය ඇතුළු බහුජන සංවිධාන කිහිපයක්‌ ද සහය පළ කරති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *