සමෘද්ධි ලාභීන්ට වියළි ආහාර ද්‍රව්‍ය නිවෙස් වලටම..

: සමෘද්ධි ලාභීන්ට වියළි ආහාර ද්‍රව්‍ය නිවෙස් වලටම..

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ජනතාවට නගරයට නොපැමිණ නිවෙස් අසලදී වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළ මත සමෘද්ධිලාභීන්ට මාසික සහනාධාරයෙන් අඩුකර ගැනීම යටතේ ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවත් ජනතාව රැස්වීම අවම කිරීමේ අරමුණින් මෙය මේ වනවිට ක්‍රියාත්මක කොට ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් උරයක් රුපියල් 500 සහ රුපියල් 1000 බැගින් වන මිලකට ගම් මට්ටමින් නිවෙස් අසලට ගොස් ලබා දෙන අතර සමෘද්ධි සහනාධාරය ලබන අඩු ආදායම්ලාභී පවුල් සදහා සමෘද්ධි නිලධාරීන්ගේ අධීක්ෂණය මත ඔවුන්ගේ මාසික සහනාධාරයෙන් අඩු කර ගැනීමට යටත්ව ලබාදීමට පියවර ගෙන ඇති බවත් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ සමූපකාර සමිති ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

මෙම සාකච්ඡාවට මිනුවන්ගොඩ නගරාධිපති නීල් ජයසේකර, ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල , ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක, සමූපකාර සමිතියෙහි සභාපති පී.කේ.විජයලත්, එහි සාමාන්‍යාධිකාරී සුගත් සමරසිංහ සහ මිනුවන්ගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් යන මහත්වරුන් සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *