සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට? පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නෙමෙයි–මැයි දින අගමැති පවසයි.

සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට? පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නෙමෙයි–මැයි දින අගමැති පවසයි.

සමෘද්ධි බැංකුව මහ බැංකුවේ පාලනයට යටත් කිරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සෙසු සියලුම බැංකු, මහ බැංකුවේ පාලනයට යටත්ව පැවතුණ ද සමෘද්ධි බැංකුව මහ බැංකුවේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන බව අග්‍රමාත්‍යරයා පවසයි.

සමෘද්ධි බැංකුව මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි යටතේ පාලනය කිරීමට පියවර ගන්නා ලෙස තමන් මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදුන් බව ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අමතමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බවත්, අනාගතයක් ඇත්තේ එජාපයට පමණක් බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“ අපේ මැයි දිනයට බලාපොරොත්තු නොවන සෙනගක් ආවා. මේ පක්ෂය ගැන මේ ආණ්ඩුව ගැන විශ්වාසය තියලා, බලාපොරොත්තුව තියලා මේ ස්ථානයට ආවාට ස්තූතියි. මැයි දිනය කියන්නේ කම්කරුවන් සමරන දිනයක්. ඒත් මේ වර්ෂයේ වෙසක් දිනය හේතුවෙන් මැයි දිනය කල් දාන්න අපි තීරණය කළා. මම පාසල් ගිය කාලේත් මේ ලෙසය මැයි දිනය කල් දාන්න ඩඩ්ලි සේනානායක මහතා තීරණය කළා. අපි මැයි දිනය කල් දැම්මාට රැස්වීම් නැවැත්තුවේ නෑ. ආණ්ඩුව විසින් ඊට ඉඩ දුන්නා.

අපි මැයි දිනය සමරන්නේ කම්කරුවන්ට ප්‍රණාමය පුද කරන්න. ඒ වගේම තමයි අලුතින් හිතන්න පුළුවන් එකම පක්ෂය එජාපයි. අතීතයේ ඉදන් අද වෙන තෙක් එජාපය විසින් සිදු කළ වැඩ කොටස විශාලයි. ඒ නිසාම කම්කරු දිනය සමරන්න අනිත් පක්ෂවලට වඩා අයිතියක් එජාපයට තියෙනවා. ජේ. ආර්. ජයවර්ධන, ප්‍රේමදාස මෙන්ම විජේතුංග ජනපති යුගයන්වලදී රටේ කම්කරු පන්තිය දෙගුණයකට වඩා වැඩි වුණා.

නිදහස ලබාදුන් යුගයේ පටන් එජාපය විසන් ගම්මාන මෙන්ම කෘෂි ආර්ථිකය සංවර්ධනය කළා. ඒ වගේම කෘෂි කර්මාන්තයට වඩා කර්මාන්ත හා සේවා එජාප ආණ්ඩු හරහා වැඩි දියුණු කළා. ආර්ථිකයේ කෘෂි කර්මයට වඩා අනෙක් අංශ විසින් වැඩි වැඩ කොටසක් ඉටු කළා. එනම් කර්මාන්ත හා වෙළෙඳ කටයුතු වැඩිදියුණු වුණා. අපනයන කර්මාන්ත වැඩිදියුණු වුණා. භාරකාර අරමුදල, කම්කරු නීති සම්පාදනය වැනි රටේ විශාල වැඩ කොටසක් කළේ එජාපයි.

එමෙන්ම පසුගිය කාලයේ ඒකාධිපති පාලනයක් ඇති කරන්න ගියා මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ රෙජිමය කාලේ. අපි ඒක නැති කළා. එදා එජාපය බය වුණේ නෑ. රාජපක්ෂ රෙජිමයට විරුද්ධව හැම විදිහකින්ට අපි වැඩ කළා. හැමෝම අපිට ශක්තියක් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට අපි ජාතික ආණ්ඩුවක් හැදුවා.

අද අපි ජිනීවා ගියාම කෑ ගහන්න කවුරුත් නෑ. අපිට විරුද්ද වෙන්න කවුරුත් නෑ. කෑ ගහනවනම් කෑ ගහන්නේ සරත් වීරසේකර වගේ අයයි එහේ ඉන්න ද්‍රවිඩ පිරිසයි විතරයි. අද රටේ නීතිය අකුරටම ක්‍රියාත්මකයි. රටේ විශාලම ණය රාජපක්ෂ සමයේ තිබුණ ණය. රාජපක්ෂ සමයේ ගත්තු ණයවලට පොලිය ගෙවන්න සල්ලි තිබ්බේ නෑ. අපිට ඒ ණය ගෙවන්න වෙලා තියෙනවා. අපිට අනාගතයක් තියෙනවා.

එක අරමුණක් එක්ක අපි එක ගමනක් යන්න ඕනි. මේ ණය ගෙවන්න ඕනි.අනාගත පරපුරට මේ ණය දෙන්නේ නැතුව. අලුත් කර්මාන්ත ආරම්භ කරන්න ඕනි. අපිට ජීඑස්පී සහනය යටතේ එය කළ හැකියි. හැමෝම අපෙන් අහනවා කළේ මොනවද කියලා. බාගෙට හදපු ගොඩ නැගැලි වගේ ඒවා පෙන්නේ නෑ. අපි ගොඩක් වැඩ කළා. ශ්‍රී ලංකාව තුළ වැඩිම ආයෝජන හා අපනයනය සිදු කළේ ගිය අවුරුද්දේ.

අපිට තව බැනුම් අහන්න තියෙනවා.මිනිස්සුන්ට බොරු කියලා වැඩක් නෑ.පසුගිය ආණ්ඩුව වරාය හැදුවා ණය ගෙවා ගන්න බෑ. අපි ණය ගෙව්වා. පොහොර නෑ. බඩු මිල වැඩි කිව්වා. නමුත් අපි පසුබිම හැදුවා දැන් දුවන්න තියෙන්නේ.

මම 70 වෙනි සංවත්සරේ දුන්න පොරොන්දුව ඉෂ්ඨ කළා.යූඑන්පී ආණ්ඩුවක් අවුරුදු 20 30ක් තියෙන ආණ්ඩුවක් අපි හදන්න ඕනි. බලයේ ඉන්න පුළුවන් පක්ෂයක් විදිහට ඉස්සරහට යන්න ඕනි. අපි පක්ෂය ප්‍රතිසංවිධානය කළා. තව කරන්න තියෙනවා. බිම් මට්ටමේ ඉදන් ඉස්සරහට සංවර්ධනය කරන්න ඕනි. ගමේ පුංචි සිරිකොත අපි යළි ගොඩ නගන්න ඕනි.අනාගතයක් තියෙන්නේ එජාපයට විතරයි. අවුරුදු 20 – 25 දුවන්න පුළුවන් අපිට. අපි ඊළඟ ඡන්දය දිනන් වැඩ කරමු.

දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *