සමිට් පුර වෙඩි තැබීමෙන් තරුණයෙකු මරුට

පාතාල කණ්ඩායම් දෙකක් අතර කලක සිට පවතින ගැටුම

අද සවස කොළඹ කොටහේන සමිට්පුර ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ජාතික රෝහලට ඇතුලත් කරන ලදී. මෙහිදී බරපතල තත්වයේ සිටි 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතිබව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .ප්‍රදේශයේ පාතාල කණ්ඩායම් දෙකක් අතර කලක සිට පවතින ගැටුම නිසා මේ ප්‍රදේශය පාතාල ක්‍රියාකාරකම් සදහා තෝතැන්නක් වී ඇත.මෙම සිද්ධියද එහි ප්‍රතිපලයක් බවට පොලීසිය සැක පල කරයි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

හෙට්ටියාවත්ත, සුමිත්‍රාරාම පාරේ බිලිං වත්ත ප්‍රදේශයේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි පළතුරු ව්‍යාපාරිකයන් තිදෙනෙකු බවද පොලිසිය පවසනවා.  29, 34 සහ 61 වන වයස්වල පසුවන සමන්ත ප්‍රදීප්, මිලාන් මධුසංඛ සහ ජයරත්න නම් මේ තිදෙනාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *