සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගි කරගනිමින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වංචා කරන සංවිධාන
සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගි කරගනිමින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වංචා කරන සංවිධාන
සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගි කරගනිමින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වංචා කරන සංවිධානයන් පිළිබඳව ආරංචි ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.
විදෙස් ශ්‍රමිකයින් සුරැකීමේ සංවිධානයන් ලෙස විවිධ නම්වලින් හෝ ෆොර්න් ක්ලබ් ලෙස හඳුන්වන ආයතන විසින් ඉතාලියේ ප්‍රංශයේ මෙන්ම මැදපෙරදිග රටවල වාසය කරන හා සේවය කරන ශ්‍රී ලාංකිකයින් ගොදුරු කරගැනීමටනොයෙක් ආකාරයේ පහසුකම් එනම්” නිවාස තනාදීම”නොයෙක් ව්‍යාපෘති සඳහා අරමුදල් ලබාදීම වැනි කටයුතු කරදීමට යැයි පවසා ජනතාව රැවටීමට සංවිධානය වූ කල්ලි කටයුතු කරමින් සිටින බව කාර්යාංශයට තොරතුරු ලැබී ඇත.
මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ තොරතුරුක් වේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති විමර්ශන අංශ භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙත පැමිණ හෝ ලිඛිතව තොරතුරු ලබා දීමට පුළුවන් වන අතර පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ද පොරොන්දු වන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.