සමාජසේවා සලකුණ ආචාර්ය පන්නිල ආනන්ද හිමි මැදිහත්වීමෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට සී ටී ස්කෑන් පහසුකම්

සමාජසේවා සලකුණ ආචාර්ය පන්නිල ආනන්ද හිමි මැදිහත්වීමෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට සී ටී ස්කෑන් පහසුකම්

අද ගම්පහ දිස්ත්‍රික් රෝහල ට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මහ අඩුවක්ව පැවති සී,ටි .ස්කැන් පහසුකම් ලබාගැනීමට අත්තනගල්ල රජ මහා විහාරාධිපති සියනෑ මල්වතු පාර්ශ්වයේ මහෝපාධ්‍ය සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ආනන්ද හිමි ගේ මැදිහත්වීම නිසා හැකිවිය
ගමිපහ දිස්ත්‍රික් රෝහලට කෝටි 7 ක මුදලින් සී,ටි .ස්කැන් යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී තිබුණත් ඊට ගැළපෙන කාමරයක් සහිත පහසුකම් නොමැති වීම නිසා එම පහසුකම් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උදා වී තිබුනි. රෝහල් පාලනාධිකාරිය පවතින තත්ත්වය පිළිබඳව ආචාර්ය පන්නිල ආනන්ද හිමිගේ ද අවධානය යොමු කලේය.

උන්වහන්සේ මෙරට සමාජයට හා ශාසනයට සුවිශාල මෙහෙවරක් මේ වන විට සිදුකර ඇති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පා ආචාර්ය පන්නිල ආනන්ද හිමි තරමි ගොඩනැගිලි ප්‍රමාණයක් ලබා දුන් පුද්ගලයෙකු හිමිනමක් මෙරට ඉතිහාසය තුළ වාර්තා නොවේ. උන්වහන්සේ ලක්ෂ 10000 ක පමණ වටිනාකමින් යුත් පාසල් තිහකට පමණ මේ වනවිට ගොඩනැගිලි ලබා දී ඇත.එමෙන්ම රුපියල් කෝටි ගණනක් වැය කරමින් වතුපිටිවල රෝහල සංවර්ධනය කිරීම සිදුකෙරේ උන්වහන්සේගේ දායකත්වය තුළිනි.

උන්වහන්සේ රුපියල් 40 පමණ වියදමින් ඊට ගැලපෙන පහසුකම් සහිත කාමරයක් සකස් කිරීමට තීරණය කළේය.. මේ නිසා සී,ටි .ස්කැන් යන්ත්‍රය එහි ස්ථාපිත කිරීමට හැකි වූ අතර එය අද දින සිට ක්‍රියාත්මක කිරීමට හැකි විය. පසුගිය සතියේ උන්වහන්සේ කෝවිඩි අරමුදල සඳහා රුපියල් කෝටියක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රදානය කිරීම ද සිදු විය. එමෙන්ම උන්වහන්සේ ගේ ඉල්ලීමක් මත වතුපිටිවල රෝහලට ලැබුණු නව ස්කෑන් යන්ත්‍රයද ළඟදීම ජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය. මෙතෙක් එම පහසුකම් ලබාගැනීමට හැකිවූයේ රාගම පිහිටි උතුරු කොළඹ මහ රෝහලේ මගින් පමණි. පෞද්ගලික රෝ්හල් වලින් ලබා ගැනීමට රුපියල් 15,000 පමණ මුදලක් ගෙවීමට සිදුවේ .

මෙහිදී ආචාර්ය පන්නිල ආනන්ද හිමි ප්‍රකාශ කළේ අද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඓතිහාසික දිනයක් බවත් රජය මගින් ලබා දී තිබුණු සීටී ස්කෑන් පහසුකම් අද සිට ජනතාවට ලබා ගැනීමට හැකිවීම ඉතා සතුටුදායක පුවතක් බවත් මෙම සේවාව සඳහා දායකත්වය ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා මෙහිදි ප්‍රකාශ කලේ
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ජන ඝනත්වයක් තිබෙන ප්‍රදේශයක් බවත් එම ප්‍රදේශයට සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම ඉතා අත්‍යවශ්‍ය අවස්ථාවක මෙම පහසුකම් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ද මෙම ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා ආචාර්ය පන්නිල ආනන්ද හිමි ිසින් සිදුකළ දානමය ක්‍රියාව පිළිබඳ ව ඉතා අගය කළ යුතු බවයි

මෙම අවස්ථාවට නම් ප්‍රාදේශීය රෝහල රෝහල් අධ්‍යක්ෂක සමන් විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියා

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා –රංජන ජයකොඩි– media-0777735732

Leave a Reply

Your email address will not be published. Required fields are marked *