සමහර දේශපාලඥයින් පටු අරමුණු සදහා අනු නාහිමිගේ ප‍්‍රකාශයේ වචන කිහිපයක් ගෙන විවේචනය කරනවා–හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

සමහර දේශපාලඥයින් පටු අරමුණු සදහා අනු නාහිමිගේ ප‍්‍රකාශයේ වචන කිහිපයක් ගෙන විවේචනය කරනවා–හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

‘හිට්ලර් පාලනය’ ගැන මහින්දගේ ප‍්‍රතිචාරය මෙන්න.. ගෝටා ජනාධිපතිවරනයට ආවොත් වෙන දේත් කියයි..
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය දා අස්ගිරි අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ‘හිට්ලර් පාලනය’ ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ සමහර දේශපාලඥයින් පටු අරමුණු සදහා අනු නාහිමිගේ ප‍්‍රකාශයේ වචන කිහිපයක් ගෙන විවේචනය කරමින් සිටින බවයි.

හිට්ලර් ලෙස අනුනාහිමියන් හැදින්වූයේ ඍජු තීරණ ගන්නා නායකයෙක් රටට උවමනා කර ඇති බව ප‍්‍රකාශ කිරීමට යයිද රාජපක්‍ෂ මහතා කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයේ කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *