සමගි බලවේගයට ගම්පහ නියත ජයක් ලැබෙනවා // කණ්ඩායම් නායක එඩ්වඩ් ගුණසේකර

සමගි බලවේගය ගම්පහ දිස්ත්‍රික්කයෙන් නියත ජයක් ලබනවා. – කණ්ඩායම් නායක එඩ්වඩ් ගුණසේකර කියයි

පසුගිය මැතිවරණය වැරදි තීන්දුව නිවැරදි කරගන්න ජනතාවට අවස්ථාව ලබාදී තිබෙන බවත් ඒ සඳහා සජිත් සමඟ කිසිදු චෝදනාවකට ලක් නොවු 21ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනු ලබන බවත් එම කණ්ඩායමට නායකත්වය ලබාදීමට තමන් කටයුතු කරන බව සමගි ජනබලවේගයේ කණ්ඩායමේ නායක හිටපු අමාත්‍ය මිරිගම සමගි බලවෙිගයෙ ප්‍රධාන සංවිධායක එඩ්වඩ් ගුණසේකර මහතා සදහන් කළේය ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ දිසාලේකමි කාර්යාලයේ නාම යෝජනා ලබා දීමේ අවස්ථාවෙි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

ඔහු පළ කළ අදහස්

අපිට කිසිම අභියෝගයක් නැහැ. මේ ආණ්ඩුව පරාජය කරන්න. අපිට දිනාගන්න දැන් ජයග්‍රහණය බාර දීලයි තියෙන්නේ. මේ ආණ්ඩුව මාස තුනේ මේ රටේ තිබුණ නරකම ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. නරකම දුර්වල තම පාලකයෙක් බවට පත්වෙලා තියෙනවා.

ජනතාව දැන් දන්නවා කවුද? දක්ෂ. කාටද? රජයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් ඒ දුර්වල ආණ්ඩුව පරාජය කරන්න ගම්පහ දිස්තික්කයේ අපිට අපේක්ෂකයින් 21 ක් සිටිනවා. ඒ අය ඒ අය සමගි පෙරමුණ වෙනුවෙන් දැන් තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා.

ගම්පහ කියන්නේ බුද්ධිමත් ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක්. වැඩිම රජයේ සේවකයින් සිටින ඒ වගේම වැඩිම ජනගහනය තිබෙන දිස්ත්‍රික්කය තමා ගම්පහ කියන්නේ.නියම තීන්දු ලබාදුන් දිස්ත්‍රික්කයක්. මෙවර පසුගිය ජන්දයේදි දුන්න තීන්දුව නිවැරදි කරගන්න අවස්ථාව දැන් ලැබී තිබෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් කටයුතු කරන බව කියන්න කැමතියි. පාර්ලිමේන්තු මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා. ඒක නියතයි

එක්සත් ජාතික පක්ෂය අපිට අභියෝගයක් නැහැ. අපි කණගාටු වෙනවා ඒ තිරනයට. අපි බැලුවේ රටේ ඉල්ලන නායකයා පත් කරගන්න. ඒ ඉල්ලන නායකයා සමග යා යුතුයි. එසේ නොමැතිනම් ජනතාව ප්‍රතික්ෂේප කරන අය සමග ගියොත් රටට වැඩක් කළ නොහැකියි.

අපිට නැවුම් නායකයෙක් සමග නැවුම් අදහස් තිබෙන ගම්පහ දිස්ත්‍රික්කය කිසිදු චෝදනාවකට ලක් නොවූ අපේක්ෂකයින් 21ක් දැන් තරග වදිනවා.ඒ පිරිසිදු අයත් සමඟ මා අද කණ්ඩායම් නායකයා වශයෙන් නාමයෝජනා භාර දුන්නා.

මෙි රටේ දැන් සියලු දෙනා එකතු වී ඇති වී තිබෙන ව්‍යසනයට ව්‍යවසනයට මුහුණ දිය යුතුයි. ජනාධිපතිතුමා දැනගත යුතුයි. මැතිවරණය නොව ජනතාව එකතු වෙන එක වලක්වා එයට මුහුණ දෙන්න.නමුත් ඒක වහගෙන ඒගොල්ලො තුනෙන් දෙකක් ගන්න දඟලනවා. ඒක ඒගොල්ලන්ට සිහිනයක් විතරයි. අපි ජනාධිපතිතුමාට කියනවා බොරුවෙන් ජය ගන්න එපා කියලා. අපි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කරගෙන මේ අභියෝගය ජයග්‍රහණය කර රට බේරාගැනීමට කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *